මීදුම් 51

601 109 18
                                    

මීදුම් .....51

නිකිල් වෙනුවට ගගන් වෑන් එකේ දොර ඇරන් බහිද්දි මට මොකද්ද මන්ද කියාගන්න බැරි සතුටක් දැනුන..ඔව් ඇත්ත ගගන් සර් මට කරන තරමක් කරන්නෙ නපුරු කම් තමයි.. ඒත් ඒ නපුරු කම් වලට මට තරහක් නම් දැනුනෙ නෑ... ඒත් එක්කම ඒ නපුරු කම් ආඩම්බර හිනාව ඒ අහංකාර කම නැතිවෙද්දි මට පාලුවක් විතරයි දැනුනෙ..
සර්ව දකිද්දි  හිතේ පැත්තක් මට කෑ ගහ ගහ කිව්ව අද මොන ගිනි ගෙඩියක් පාත් වෙයිද කියල.. හිතේ තවත් කොනකින් ගගන් සර්ව දකින්න ලැබෙන එකට මන් රහසින් සතුටු උනා..

" හපොයි කාල හමාරයි මේ  වසවර්තිය මෙහෙ මොකද කරන්නෙ අයියෙ..."

"අනේ මන්ද බන් කව්ද දන්නෙ..
මේ යකා එක්ක ගියොත් උබට බැනුන් වලින් නම් අඩුවක් වෙන එකක්ක් නෑ..."

"අනේ මතක් කරන්න එපා දැක්කනෙ ඊයෙ බැන්න හැටි ..."

"මන්ද සුදූ මූ උබත් එක්ක මොකට තරහද කියල.. සමහර විට උබ ඌට වඩා ලස්සන නිසා වෙන්න ඈති.."

තාරක අයිය මට ඇහැක් ගහන ගමන් කියන් බෑක් එක පිටිපස්සට දාද්දි මාත් එතනට ගියා...

" ආ ලමයි ...ඔයාල ලෑස්ති වෙලා නේද.."

නිකිල් වෑන් එකේ ඉදන්ම කියද්දි මන් වෑන් එකෙ ඇතුල බැලුව..

" ගුඩ් මෝනින්..."

" ගුඩ් මෝනින් මීදුම්.. අනේ මට වෑන් එකෙන් බහින්න කම්මැලී බන් මට මෙච්චර උදෙන් ඇහැරිලා පුරුදු නෑ..."

"ඒකට කමක් නෑ සර්.. අපි මේක දාපු ගමන් යමු..."

මන් වෙනුවට තාරක අයිය උත්තර දෙන ගමන් මගෙ අතේ තිබ්බ බෑක් එක වෑන් එකේ පිටිපස්සට දැන්ම..

......................................................

මමයි තාරක අයියයි පිටිපස්සෙම සීට් එකට යද්දි ඊට ඉස්සහ සීට් එකේ නිකිල් වාඩි වෙලා ඉදිය...
වෑන් එක ඇතුලෙ දාල තිබ්බෙ සීට් පෝලිම් තුනයි ඒක නිසා ඒක ඇතුලෙ හොදට ඉඩත් එක්ක හරිම සුවපහසුවට තිබ්බ..
අපි ඔක්කොම නැග්ගට පස්සෙ ගගන් සර් වාහනේට නැගල දොර වහල දැන්ම..
ඒත් එක්කම ස්ටාට් කරපු වාහනේ ගේට්ටුවෙන් එලියට දාල පාර දිගේ ඇදෙද්දි මන් ජනේලෙට හේත්තු උනා...

මීදුම්.Tahanan ng mga kuwento. Tumuklas ngayon