මීදුම් ...32
"සුදූ...."
"ම්ම්ම්ම්ම්...."
"අපි ඇතුලට යන්ද..."
"බෑ....."
"අනේ යමන්කො අරුන් තුන්දෙනා ඇහැරිලා ඇතුලට ගිහිල්ල ආයිමත් නිදි.. අනික උබ දිගටම ඇහැරිලානෙ ආවෙ දැන් ටිකක් නිදාගමු..."
"මට නිදිමත නෑ ආදි දැන්...ඔයා නිදාගන්න ..."
"ඒක තමා කියන්නෙ මට තාම නිදි මතයි ඇවිල්ල මාව තුරුල් කරන් ඉදපන්කො නින්ද යනකම්..."
" අනේ යමන්කෝ.....
අනේඅනේ..."
"හා හා යමු ඉතින්..."
මන් එහෙම කිව්ව විතරයි මේ පිස්ස මගෙ ඇග වටේ අත දාල මාව උස්ස ගත්ත...
" ආදි මොකද බන් ඔය කරන්නෙ පිස්සුද උබට අනික කට්ටියත් ඉන්නව දැක්කොත් එහෙම එයාල..."
"අනේ දකින එකෙක් දකිද්දෙන් .. උබ මගෙ කොල්ල මන් උබව වඩාගන්නෙ නැතුව වෙන කාව වඩා ගන්නද.. අනික මට ලැජ්ජාවක් නෑ උබ මගෙ ආදරේ කියල ලෝකෙට කියන්න.. උබට මගෙ ආදරේ ලැජ්ජාවක්ද සුදූ..."
ආදි එහෙම කියල බිම බලාගද්දිම වගේ මන් එයාගෙ කර වටේ අතදාන ගමන් ආදිගෙ තොල් මගෙ තොල් වල පටල ගත්ත...
" මෝඩ කතා කියන්න එපා උබ මගෙ ජීවිතය මගෙ ආදරේ.. මගෙ හැමදේම උබ එහෙම උබව මට ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද..."
මන් එහෙම කියන ගමන් ආදිගෙ ඇගට තුරුල් වෙද්දි ආදි මගෙ නලලට කිස් එකක් දෙන ගමන් බංගලෝ එක ඇහුලට යන්න ගත්තා.....................................................................
ආදියි මායි අපි දෙන්න ඉන්න රූම් එකට යද්දි අනික් සෙට් එක අපිටත් කලින් ගිහිල්ල නිදි..
ආදි මාව රූම් එකට යනකම්ම බිමින් තිබ්බෙ නෑ එයා මාව ඇද උඩින්ම පරිස්සමට තියල එයා දාන් ඉදපු වොච් එක ගලවල දාල ෆෝන් එකයි පර්ස් එකයි මේසෙ උඩින් තියල එහෙමම ඇදට වැටිල මට තුරුල් උනා තුරුල් වෙලා මගෙ පපුව උඩින් ඔලුව තියන් ඇස් පියාගනිද්දි මන් ඇදේ තිබ්බ ගනකම බැලැන්කට් එක අපි දෙන්නවම වැහෙන විදිහට පොරව ගත්ත...නුවරඑලියෙ තියන ඒ දරාගන්න බැරි තරම් සීතල එක්ක ආදි මගෙ ලගට තුරුල් වෙලා මගෙ ආත්මයම උනුහුම් කරද්දි ඒ දැනෙන උනුහුම මන් ආසාවෙන් විදින ගමන් මගෙ අහිංසකයව තවත් තදෙන් මගෙ පපුවට තුරුල් කරන් ඇස් පියාගත්ත..
..........................................................
CZYTASZ
මීදුම්.
Romansජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..