01 කොටස

2.5K 372 150
                                    

"ආව්.... බල්ලො ගහන්න එපා...."

"ඌයි යකො.. මොනවද කරන්නෙ...."

"වාව්.... අර ප්‍රතිමාව සේරම එලියෙ දාගෙන ඉන්නෙ".

"අල්ලලා මිරිකන්න හිතෙනවා......"

"මොනවද යකො කියන්නෙ...."
අමතර ඉගෙනීමට යුනිවර්සිටි එකෙන් කෞතුකාගාරය කට අධ්‍යාපන චාරිකාව ක් ආවම තමන්ගෙ යාලුවා ජිමින් නිරුවත් ප්‍රතිමාවක් දිහා බලාගෙන පැණි හලනකොට ඔහුගෙ හොඳම මිත්‍රයා ටේහ්‍යුන් ජිමින්ගෙ බඩට ඇන්නෙ තරහෙන් රවලා බලන ගමන්.

"මොකද යකො...."
ජිමින් ටේහ්‍යුන් ගෙන් ඇහුවෙ තරහින් වගේ....

"ඇයි යකො... ඕවා පුනරුදය කාලෙ හදපු ප්‍රතිමා... ඒ කලෙ දේවත්ව සංකල්ප වලින් මිදිලා ලෞකිතත්වයට නැඹුරු වෙලා ප්‍රතිමා හැදුවෙ කියලා තමයි පැරණි පොත් පත් වල සඳහන් වෙන්නෙ..."
ටේහ්‍යුන් දාර්ශනික විදියට උත්තර දෙනකොට ජිමින් ඔහු දිහා රවලා බැලුවෙ තරහින් වගෙ....

"යකෝ එහෙමයි කියලා ඔහොම හැමෝම ඉස්සරහා හෙලුවෙන් ඉන්න සිරිතක් නෑ නෙ බං..."
ජිමින් කටත් ඇද කර කර නිදහසට කරුණු කියනකොට ටේහ්‍යුන් ඔලුවෙ අත ගහ ගත්තෙ අනේ මේ වගේ යාලුවෙක් නෙ මටත් ඉන්නෙ කියලා හිතන ගමන්.

"තමුන්ටත් තියෙන්නෙ මේ ලෝකෙ මොකෙක්ටවත් නැති ප්‍රශ්න බං... අනේ මන්දා තමුසෙත්.... "
ටේහ්‍යුන් ජිමින්ට දිව දිග් කරලා තමන්ගෙ ගුරුවරයා පාඩම කියා දෙන තැනට ලං වෙනකොට ජිමිනුත් ටේහ්‍යුන්ගෙ පස්සෙන් ඇදුනෙ නොදැනීමයි.

පුංචි කාලයේ ඉදන් ම ඓතිහාසාත්මක දත්ත වලට අසාමාන්‍ය විදියට ප්‍රිය කරපු ටේහ්‍යුන් හයර් ස්ටඩීස් හිස්ටොරිකල් සයිඩ් එකෙන් ඉදිරියටම කරන්න බලාපොරොත්තු උනේ තමන් ප්‍රිය කරන විශය වීම හේතුවෙන්. තමන්ගෙ කුඩා කල සිටම මිත්‍රයා උන පාක් ජිමින්  මේ ශ්‍රේස්ත්‍රය තෝරා ගැනීම නිසා ටේහ්‍යුන් ට පාළුවක් දැනුනෙ නැති තරම්....




"ළමයි ක්‍රිස්තු පූර්ව පළමු වෙන සිය වස වන විට කොරියාව එක් ධජයක් යටතට පත් කල අධිරජු අධිරජ මින් යුන්ගී ගැන නොදන්න කෙනෙක් නෑ. මේ තියෙන්නෙ එතුමාගෙ ප්‍රථිමාවක්."
මහාචාර්යවරයා විශාල රනින් ඉදි කල ප්‍රතිමාවක් පෙන්වන ගමන් කියනකොට ටේහ්‍යුන් ඇගිලි තුඩු වලින් ඉස්සුනෙ එය හොඳින් දර්ශනය වෙන්න.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now