43 කොටස

678 182 59
                                    

දකුණු දිග කොරියා අධිරාජ්‍යයේ ප්‍රධාන මාලිගය

රාජ සභාව.

"ඔබ පවසනුයේ.... ඔබ හට ජන්කුක් උපකාර කළා කියාද ආ..?"

මහරජ සෝක්ජින් පුදුමයෙන් යුතුව ජ්‍යාග්‍රහනය ලබා යලි මාලිගය වෙත පැමිණි යුන්ගී ගෙන් රාජ සභාව ඉදිරියේ ප්‍රශ්න නගද්දී ඔහු දෙස බලා හිස සැලූ යුන්ගී බලාපොරොත්තු සහගතව සිය පියාණන් දෙස බලා සිටියා.

"එසේය පියාණෙනි...  මා ඔහුට විස්තර කල පරිද්දෙන් ම ඔහු මා හට උපකාර කළා..."

යුන්ගී මහරජු හට බලාපොරොත්තු සහගත ලෙස පවසද්දී සෝක්ජින් මහරජු දීර්ඝ කල්පනාවකට වැටුනේ යුන්ගී ඔහු දෙස දීප්තිමත් දෑසින් බලා සිටියදී..



"යුන්ගී... ඔබට ඔහු හමු වූවා නොවෙද? ඔබ විමසුවාද ඔහුගෙන්.. කිමද ඔහු මාලිගය හැර දමා ගියේ කියා ආ....? කිමද එලෙස මා හට විශ්වාස ද්‍රෝහී වූයේ කියා?"

මහ රජුගෙ සිතෙහි සිය පුතු කෙරෙහි වූ දාරක සෙනෙහස යලි වරක් ස්මතු වද්දී සිය වැඩිමල් පුතු දෙස බලා ඔහු මිමිණුවේ යුන්ගී වේගවත් සුසුමක් පහතට හෙලද්දී. ඔව්. යුන්ගී හොඳින්ම දැන උන්නා ඔහු ටේහ්‍යුන් වෙනුවෙන් රාජ්‍ය අත් හැර පැමිණි වග. ඔහු යලි රාජ්‍යයට පැමිණීමට පෙර ජන්කුක් සමග හෝරාවක් තිස්සේ කල දීර්ඝ සාකච්චාව පුරාවට ජන්කුක් ටෙහ්‍යුන් හට කොතරම් පෙම් බඳිනවා දැයි යුන්ගී හට අවබෝධ වූවා.

"ඔහුට අවශ්‍යයෙන්ම හේතුවක් ඇති පියාණෙනි... මට විශ්වාසයි ඔහු විශ්වාස ද්‍රෝහියෙක් නොවෙයි... පියාණෙනි , කරුණාකරලා..."

යුන්ගී සිය පියාණන් දෙස බලා මිමිණුවේ ජන්කුක් බැඳුණෙ එක් සමලිංගික ප්‍රේමයක් සමග වග දැන ගත් කල්හි සිය පියාණන් ගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි බියෙන් යුතුව.


"රාජකුමර ජන්කුක් යලි කැඳවන්න කියා ද කුමරුන් පවසනුයෙ..?"

"හා පියාණෙනි. ඔහු අයත් ස්ථානය මෙතනයි. මහරජතුමනි, රාජ කුමාර ජන්කුක් කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව රාජ්‍යයේ නියම කුමරෙකු මෙන් ආක්‍රමණිකයා ට විරුද්ධව සටන් වැදුනේ... එවන් පුද්ගලයෙකුට තිළිණ හිමි නොවෙද රජුනි"

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin