20 කොටස

771 226 163
                                    

සූර්ය කිරණ පතිත වද්දි යහන මත සැතපී උන් ජන්කුක් සිය දෙනෙත් විවර කොට යහන මත අසුන් ගෙන කල්පනාවට වැටුනේ අද දිනත් මියොන්ගී ගෙන් ගැලවීමට මාලිගය තුල එහි මෙහි දීවීමට හෝ කුමාර මාලිගය තුල හොඳින් හිරු පායා තිබෙන අද වන් දිනක් නාස්ති කර ගැනුමට වෙයිද කියා

ජිමින් ව හමු වී පැමිණ දින දෙකක් ගතවී තිබුනෙයින් ජන්කුක් ගෙ අසනීපය බොහෝ දුරට යහපත් අතට හැරවී තිබීම පිලිබඳව ජන්කුක් තුටු වූ අතර , ගත වූ දින දෙක පුරාවට බෝජනාගාරයෙහි හැර වෙනත් කිසිදු ඉසවුවක සොයුරු යුන්ගී මුණ නොගැසුන නිසා ජන්කුක් හට ජිමින් පිලිබඳව කිසිවක් ඔහුගෙන් විමසනු නොහැකි වූවා.

මොහොතක් කල්පනාවට වැටුනු ජන්කුක් සිය හස්තය දිගු කර ඒ දෙස බැලුවා.

"මා බොහෝ කලකින් නෑ නොවෙද නගර සංචාරය කලේ?"

ජන්කුක් තමාගෙන් ම බැරෑරුම් මුහුණක් සාදාගෙන විමසා ගත්තේ සිය අතැඟිලි නවමින්.

"ඔහ් දෙදිනක් පුරාවට මා නෑ නගර සංචාරයෙහි යෙදිලා"

"ජන්කුක් ඔබ කුමන ආකාරයේ රජ කුමරෙක්ද? බලාපොරොත්තුව නම් මහ රජු වීමයි රාජ්‍යයේ... නමුත් නෑනේ වැසියන්ගෙ සුවදුක් විමසන්නේ හෝ!!"

ජන්කුක් තමාටම මුමුණා ගනිද්දී ඔහුට ටේහ්‍යුන්ගෙ සුන්දර සිනහව ස්මරණයට නැගී ඔහුගෙ මුව සිනහවින් පිරී ගියා.

"රජ කුමරුනි... ඉක්මන් කරන්න... රාජ්‍යයට දුර්භික්ෂයක් පැමිණියත් ඔබට නෑ ඒ පිලිබඳ කිසිඳු දැනුමක්"

තමාටම මුමුණා ගත් ජන්කුක් ඉක්මනින්ම සයන මතින් නැගී සිටියෙ තමාගේ හස්තයෙන් හිස කෙස් සකසා ගන්නා අතර තුර.

________

හෝරා කීපයකට පසු ජන්කුක් සිටියේ දේජන් ගංගා නිම්නය දක්වා අසු පදවන අතර තුර. තමාට හැකි තරම් වේගයෙන් සිය අසු මෙහෙයවූ ජන්කුක් දේජන් වෙළඳ පොල ඇති පෙදෙසින් වනාන්තරය ට පිවිසීම ඔහුගේ දිවියට තර්ජනයක් වග වටහා ගෙන දේජන් ගංගා ඉවුර වෙත යනු වස් දේජන් ප්‍රධාන නගරය වටා අසු මෙහෙවූවා

විනාඩි කිහිපයක් ගත වීමෙන් ඉක්බිතිව දේජන් ගංගා ඉවුර දිගේ අසු මෙහෙවවූ ජන්කුක් විශාල තුරු ලතා වලින් සැදුම් ලත් වන ලැහැබ අසල සිට අසු ගැට ගසා ඒ තුලට පිවිසෙන්නට සැරසුනේ ටේහ්‍යුන් වෙත යනු රිසියෙන්.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ