"කුමක් ද? මන්ද මේ... මන්ද මාගේ පාදය මෙතරම් තදින් තෙරපනුයේ මන්ද ආ..... අත් හරිනූ..."
ජන්කුක් සිය පාදය සිය අතැගිලි වලින් තදින් තෙරපා ගෙන සිටිනු දුටු ටේහ්‍යුන් කෝපයෙන් පාදය ඔහුගෙන් ඇද ගැනීමට තැත් කරමින් මිමිණුවත් ජන්කුක් එලෙසම ඔහුගෙ පාදය ග්‍රහණය කොටගෙන ඔහුගෙ මුහුණ දෙස බලාගෙන සිටියා.
"මන්ද? මන්ද ආ..? ඔය ලෙස බලනුයෙ..?"
ජන්කුක් ගෙ හදිසි වෙනස් හැසිරීම දෙස විශ්මයෙන් යුතුව බලමින් ටේහ්‍යුන් මුමුණදී ජන්කුක් ඔහුගෙ දෑස් දෙස එක එල්ලෙ බලා සිටියෙ ඔහුගෙ පාදයෙ පැළදි රාජකීය ලාංජනය සහිත පලදනාව ඔහු හට හුරු පුරුදු වූ නිසාවෙන්.
"මෙය කොහින්ද ආ..? ඔබ සොරකම් කලාවත්ද?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ පාදයේ තිබූ රන් පළඳනාව ඔහුගෙ පාදයෙන් සිය හස්තයට ගෙන දැඩි ලෙස විමසද්දී ටේහ්‍යුන් මොහොතක් දෑස් විසල් කොට ප්‍රශ්නාර්ථව ජන්කුක් දෙස බලා සිටියත් , මොහොතකින් ඉදිරියට නැඹුරු වූ ටේහ්‍යුන් ඔහුගෙ හස්තයෙහි මිට මෙලවුනු පළඳනාව යලි උදුරාගෙන පපුවට තද කර ගත්තෙ තොල් නොපිට පෙරලාගෙන.
"කොහින්ද එය ආ...?" ජන්කුක් විමසූ වේ නුරුස්සන ස්වරූපයෙන්.
"ඔබට කුමකටද?"
නුරුස්සනා ස්වරූපයෙන් මිමිණූ ටේහ්‍යුන් සිය දෙතොල් තෙත් කර ගනිමින් සිය පළඳනාව නැවතත් පාදයහි පැලඳ ගැනීමට උත්සාහ කරන අයුරු බලා සිටි ජන්කුක් ටේහ්‍යුන්ගෙ හස්තය තදින් ග්‍රහණය කරද්දී ටේහ්‍යුන් හට වේදනාවක් දැනුනයෙයින් ජන්කුක් දෙස අවිහිංසක අයුරු න් බලා සිටියා.
"ඔබ සොරෙක් නොවෙද? ඔය ලෙස අවිහිංසක අයුරින් බැලූ විට නෑ මගේ සිත මෙලෙක් වනුයෙ.. දන්නවාද ඔබේ සොරකමට දිය හැකී මරණ දන්ඩනය..!!!!"
ජන්කුක් ටේහ්‍යුන් දෙස බලා කෝපයෙන් කීවත් මොහොතක් ඔහු දෙස බලා සිටි ටේහ්‍යුන් මහ හඩින් සිනා වන්නට වූයෙන් ජන්කුක් පුදුමෙන් සේම කෝපයෙන් යුතුව ඔහු දෙස බලා සිටියා.
"සැබෑද? මා හට මරණ දඩුවම දෙන්න? ඔබ කවුරුද මහ රජුද?"
"මා මහ රජුන් නම් නොවේ නමුත් මා....."
ටේහ්‍යුන්ගෙ කෝපයට පත් කටහඬ ඉදිරියෙ ජන්කුක් තෙපලීමට තැත් කලත් ටේහ්‍යුන් ඔහුට බාධා කරමින් දිගින් දිගටම කතා කලා.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022