14 කොටස

761 216 98
                                    

අනාගත වාක්‍ය කරු හමුවී යලි රජ මාලිගයට පැමිණ තුන් දිනක් වූ තැන ජන්කුක් සිය සයනෙහි සැතපී දෑස් වසා ගෙන උන්නා.

"දන්නේද මේ බෙරි බොහෝ රසවත්....."

ටේහ්‍යුන්ගෙ කටහඬ තමාගෙ හිස තුල දෝංකාර නංවද්දී විවේක ගනු රිසියෙන් සයන මත දිගා වූ ජන්කුක් ගෙ මුවෙහි සිනහවක් ඇඳී ගියේ නිරායාසයෙන්ම යි.

"ඔබටත් අවශ්‍යද?"

තමා හට බෙරි දිගු කරමින් , මුව තුල පුරවාගෙන සුරතල් ලෙස තමා දෙස දෑස් ආයා බලා සිටින ටේහ්‍යුන්ව මවා ගත් ජන්කුක් ගෙ මුවෙහි වූ සිනහව තව තවත් අලුත් වද්දී ජන්කුක්ට සයනෙහි පෙරළෙමින් නිදන්නට තැත් කලා.

"ආආආආආආ...... තවත් ඔසවන්නකෝ මාව..."

"මාගේ නින්ද සොරා ගත් පුංචි කුමරු.."

ජන්කුක් තම සිතෙහි මැවුන ටේහ්‍යුන් හට මුමුණමින් සිනා සුනේ නොදැනීමයි. ඔහුගෙ සුන්දර සිනහව , සුරතල් වදන් තව තවත් බලනු අසනු රිසියෙන් ජන්කුක් දෑස් පියා ගත්තෙ සිනහවින් පිරි මුවින්.


"ජන්කුක්... කුමක් ද ඔබ ඔය කරනුයෙ .? මන්ද ඒ තරුණයා ගැන එතරම් වද වන්නේ ආ...?"

එක් වරම සිහියට එළඹි ජන්කුක් සයනය මත එරමිණියා ගොතා අසුන් ගනිමින් තමාටම මුමුණා ගත්තෙ තමාගෙ සිහිය යලි කැඳවීමට මෙන් සිය කම්මුලට පහර එල්ල කරමින්.

"මේ බෙරි බොහොම රසවත්...."

"හා.. මා බෙරි අනුභව කර තිබෙනවා. ඔවැනි දේශිය අමිහිරි රසින් යුතු බෙරි නොවේ... විදේශයෙන් ආනයනය කල රත් පැහැ බෙරි .. දැන්වත් මාගෙ සිතුවිලි වලින් පිටවන්න ටේහ්‍යුන්..... "

ජන්කුක් කෝපයෙන් තමාටම මුමුණා ගත්තේ ද්වාරය විවෘත කරගෙන තනිවම කතා කරමින් සිටින රජ කුමරු දෙස බලමින් ඔහුගෙ ප්‍රධාන සේවකයා පිවිසෙන විට.

"පිටව යන්න කීවා නෙ...!!!!"

ජන්කුක් සිතුවිලි හි උන් ටේහ්‍යුන් හට කෝපයෙන් පවසා යහන මත වූ කොට්ටයක් ගෙන යහන මතටම පහර දෙන අයුරු ජන්කුක් ගෙ සේවකයා බලා උන්නේ කුමරු උමතුවෙන්දැයි පුදුමෙන් මහත් වූ දෙනෙතින්.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Onde histórias criam vida. Descubra agora