"කුමක්ද මෙහි සිදු වන්නෙ? මන්ද මෙතරම් කලබලයක්?"
කැලෑ මාර්ගය ගම්මානය පුරා පැතිර ගිය කලබලය ඈත සිටම දුටු ගම්මානය වෙත යළි ජ්‍යාග්‍රාහීව පැමිණෙන සටන් කාමීන් අතර උන් නම්ජුන් තමාටම මුමුණා ගනිමින් ජන්කුක් දෙස බලද්දී , ප්‍රීතීයෙන් යුතුව මිතුරන් සමග අල්ලාප අල්ලාපයේ යෙදෙමින් ගම්මානය වෙත ඇවිද ආ ජන්කුක් ද පුදුමෙන් ඒ දෙස බැලුවා.
"කුමක් හෝ සිදු වී ඇති හැඩයි! ඉක්මන් කල යුතුයි"
තමාටම මුමුණා ගත් ජන්කුක් ඉදිරියට දිව යද්දී ඔහුගේ පසුපසින් අනෙක් සටන්කාමීන් ද දිව ආවේ ගම්මානය පුරා එහි මෙහි යන පන්දම් එලිද , වේදනාත්මක විලාප හඬද අසමින්.
තමාට හැකි තරම් ඉක්මනින් ගම්මානය වෙත ජන්කුක් ඇතුලු පිරිස දිව එද්දී ඒ වන විටත් යන්තමින් නැගෙමින් තිබූ හිරුගෙන් පතිත හිරු කිරණ අතරින් ජන්කුක් දුටුවේ මහා විනාශයක සේයා. හඬමින් වැලපෙමින් ඔබ මොබ දිව යන ගම්වැසියන්ද ගම්මානය පුරා පෙරලා දැමූ ඇසුරුම් , කරත්ත ආදිය දෙස බලමින් ජන්කුක් ගේ දෑස් සෙව්වේද , ඔහුගෙ වේගයෙන් ගැහෙන හදවත සෙව්වේද එක් අයෙක්.
"ටේහ්‍යුන් ඔබ කොහිද?"
"ටේහ්‍යුන්...!!!!!!!!!"
මහ හඬින් කෑ ගසමින් ජන්කුක් ගම්මානය හි ප්‍රධාන චතුරස්‍රය අසලටම දිව යද්දී කොහිදෝ සිට ඔහු වෙත දිව එන ටේහ්‍යුන් දුටු ජන්කුක් දෑත් ඔහු වෙත දෙපසට දිගු කලේ ඔහු දිව විත් ජන්කුක් ගෙ බඳ වටා දෑත් පටලවාගෙන ඔහුගෙ පපු තුරුලට වැටෙද්දී.
"ජන්...ජ....න්කුක්.."
"ටේහ්‍යුන්.. ඔබ හොඳින්ද මැණික.. කිමද මේ කුමක්ද සිදු වූයෙ.."
විනාශ වී ගිය ගම්මානය දෙස බලමින් ටේහ්‍යුන් ව තමාගේ තුරුලට ගෙන ජන්කුක් මහ හඬින් කෑ ගැසවේ කලබලෙන්. මොහොතකින් ටේහ්‍යුන් ව ඔහුගෙ තුරුලින් ඈත් කරවා, ඔහු දෙස බලද්දී ජන්කුක් දුටුවේ ටේහ්‍යුන් ගෙ රත් පැහැ ගැන්වුණු දෙතොල් පුපුරා ගලන රුධිරය.
"මගෙ මැණික... ටේහ්‍යුන් කිමද? කවුරුද මෙය කලේ.... "
ජන්කුක් ටේහ්‍යුන් ගෙ පැලී ගිය දෙතොල් මත සිය ඇගිලි තුඩු ගෙන යමින් කලබලයෙන් සේම කෝපයෙන් මුමුණද්දී මහ හඩින් ඉකි ගැසූ ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුව මත හිස තබා ගත්තේ අසරණව.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022