29 කොටස

757 210 82
                                    

"ජන්කුක්?"

සයුර මැද යාත්‍රාව නවතා තමාගේ ගෙල සිප ගත් ජන්කුක් හට තවත් තුරුලු වෙමින් ටේහ්‍යුන් මුමුණද්දී ජන්කුක් සිනහ වී හබල පසෙකින් තබා ඔහුගේ බඳ වටා සිය දෑත් පටලා ගත්තා.

"සුන්දරයි නොවෙද මෙහි..."

සයුරු මධ්‍යයේ නිශ්චලව නැවතී ඇති යාත්‍රාව සයුරේ ඉහල පහල නගින රලවලට තාලයකට ඉහල පහල යද්දී ටේහ්‍යුන් තමා හට තුරුලු කරමින් ජන්කුක් මුමුණද්දී ටේහ්‍යුන් ජන්කුක් ගෙ උරහිස මත හිස තබාන තමාගේ දෑස් වසා ගත්තෙ සිනහවක් පිරී ගිය මුවින් යුතුව.

"හා බොහොම සුන්දරයි.."

ටේහ්‍යුන් මුමුණද්දී කිසිවක් නොකී ජන්කුක් ටේහ්‍යුන්ව තව තවත් තමාගේ ශරීරයට තුරුලු කර ගනිමින් යාත්‍රාවෙහි හාන්සි වූයේ අහස දෙස බලාන.

"ටේහ්‍යුන්..."

"ම්?"

ජන්කුක් මිමිණුවේ තමාගේ ශරීරය මත තබාගෙන සිටි ඔහුව තමාගේ පසෙකින් හාන්සි කරවමින්.
ජන්කුක් ඔහුව පසෙකින් හාන්සි කරද්දී ටේහ්‍යුන් ජන්කුක් ගේ පපුව මත තමාගේ හිස තබාගෙන අහස දෙස බලා සිනහ වූවා.


"පෙනෙනවාද ඔබට තාරකා...."

ජන්කුක් මුමුණද්දී ටේහ්‍යුන් හිමිහිට හිස සැලුවේ ජන්කුක් හට තව තවත් තුරුලු වෙන ගමන්.


"ම්.... ඔබ කැමති කුමන තාරකාව වීමටද?"

ජන්කුක් ආකාසය දෙස බලා මුමුණද්දී ටේහ්‍යුන් දෙතොල් සපාගෙන ආකාසය දෙස බලා සිනා වූවා.

"මා ප්‍රියයි චන්ද්‍රයා අසලම සිටින තාරකාවක් වීමට..."

ටේහ්‍යුන් මුමුණද්දී ජන්කුක් ඔහු දෙස බලා සිනා වූවා.

"මන්ද?"

"මන්ද ඔබයි මගේ චන්ද්‍රයා... තනි වූ මගේ දිවිය ආලෝකමත් කළ චන්ද්‍රයා ඔබයි"

ටේහ්‍යුන් මිමිණුවේ ජන්කුක් ඔහුව තව තවත් තමාගේ තුරුලට ඇද ගනිද්දී.

"චන්ද්‍රයා පමණක් නොවේ... මාගේ නිල් ආකාසය , මහ සමුදුර , අනන්ත විශ්වයම ඔබයි ජන්කුක්.."

සියුම් හඬකින් මිමිණූ ටේහ්‍යුන් ජන්කුක් ගේ පපුව මත සිය ඇඟිලි තුඩු ගෙන යද්දී කිසිවක් නොකී ජන්කුක් දෑස් වසාගෙන ඔහුගෙ පහස වින්දා.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓حيث تعيش القصص. اكتشف الآن