18 කොටස

756 228 131
                                    

තමාගේ මුහුණ ඔහු ඇඳ සිටි ලෝගුවෙන්ම ආවරණය කොටගෙන වෙළෙන්දන් හට නොපෙනෙන ලෙස වෙළඳපොල ආසන්නයේ අසු නවතා තිබූ ඉසව්වට ආ ජන්කුක් තෙත්බරිත වූ වස්ත්‍රයෙන් ම අසුපිට නැගී නැවතත් තමාට හැකි තරම් ඉක්මනින් රජමාලිගය කරා අසු මෙහෙයවූයේ ඔහුට යලි යලිත් ටේහ්‍යුන්ව ස්මරණ වී ඔහුගෙ මුව සිනහවෙන් පිරී යද්දී.

හෝරා කිහිපයකට පසු මාලිගයට පැමිණි ජන්කුක් ගෙ වස්ත්‍ර මදක් වියලී තිබුනත් තවමත් තෙත බරිතව මාලිගාව තුලට ගාම්භීර ගමනින් ඇවිද එන රාජකුමාර ජන්කුක් ව දුටු සේවක සේවිකාවන් පවා පුදුමෙන් ඔහු දෙස බැලුවේ කිසිදිනෙක රජ කුමරු මේ අයුරින් සිටිනු ඔවුන් දැක තිබුණේ නැති නිසා.

ඔහු වෙත යොමු ව පුදුම සහගත දෑස් වලින් ඉක්මනින් මිදෙනු වස් තමාට හැකි වේගයෙන් ජන්කුක් තමාගේ කුටිය වෙතට ඇවිද යන්නට වූවා.



"සොයුර? කිමද මේ?"

වේගයෙන් දිව යන සිය සොයුරු ජන්කුක් ව  හදිසියේම දුටු යුන්ගී පුදුමයෙන් ඔහුව හඹා එද්දී ඒ යුන්ගී ගෙ කටහඬ වග වටහා ගත් ජන්කුක් දෙතොල් සපාගෙන තවත් අඩිය ඉක්මන් කලත් වේගයෙන් දිව ආ යුන්ගී ජන්කුක් ගෙ හස්තය තදින් ග්‍රහණය කර ගත්තා.

"කිමද මේ?"

"කුමක්ද?"
යුන්ගී අසද්දී ජන්කුක් කිසිවක් සිදු නොවූවාක් මෙන් පිලිතුරු දුන්නත් යුන්ගී ජන්කුක් ගෙ හිසෙහි සිට පාදාන්තය තෙක් ම සිය දෑස් යැවුවා.


"කුමක්ද කියා අසනුයෙ? ඔබ මන්ද මේ තෙත් බරිතව?"

යුන්ගී මිමිණූවෙ පුදුමෙන්.

"ආ... ජලකෙලියෙහි නිරත වූවා..."
කෙටියෙන් පැවසූ ජන්කුක් එතැනින් නික්ම යෑමට සැරසුනත් ඊට ප්‍රථම යුන්ගී යලිත් වරක් ඔහුව නැවතූවා.

"තවත් පැය කීපයකින් දුනු ශිල්ප පුහුණුවට ඔබ යා යුතුයි නොවෙද? ඉක්මනින් සූදානම් වන්න"

ජන්කුක් ගේ ආගන්තුක හැසීරම දෙස පුදුමෙන් බලමින් යුන්ගී මුහුණදී ජන්කුක් ඔහු දෙස රවා බැලුවේ කෝපයෙන්.

"දනීද යුන්ගී.. ඔබ මාගේ අභ්‍යාස පිලිබඳ නෑ කලබල විය යුත්තෙ. කොටින්ම කිවහොත් ඔබ මා ගැන කලබල විය යුතු නෑ... මට හට හැකී.. හ-හ-හ- හචීඊඊඊඊඊඊන් !!!!!!!"


𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Donde viven las historias. Descúbrelo ahora