11 කොටස

837 233 90
                                    

"අන්න පියාණන්....."
ටේහ්‍යුන් එක් වරම වනය දෙදරා යන තරමේ ස්වරයෙන් කෑ ගසද්දී ජන්කුක් එක් වරම ගැස්සී ඒ දෙස බැලුවෙන් ඔහු දුටුවේ ඇවිදීම සඳහා ආධාරකයක් ලෙස සැරැටියක්ද ,අනෙක් හස්තතෙහි කූඩයක් ද රැගෙන එන මධ්‍යම වයසේ පුද්ගලයෙක්. ජන්කුක් ඔහුව කිසි දිනෙක දැක නොතිබුණත් ඒ ස්වාමී යැයි ඔහුව දුටු විගස ඔහුගෙන් කියා පෑ තේජස් විලාසයෙන් වටහා ගත් ජන්කුක් ඔහු හිඳ සිටි ස්ථානයෙන් නැගී සිට ඔහු ඔවුන් වෙතට පැමිණෙන විට ආචාර කලෙ ඔහු ජන්කුක් දෙස බලා මද සිනාවකින් පිලිතුරු දෙද්දී.

"පියාණෙනී........ දන්නවා...ද මා මට අනතුරක් සිදු වූවා...."

ටේහ්‍යුන් පාෂණය මත අසුන් ගෙනම හැඩුම්බර ස්වරයෙන් මුහුණදී ඔහුගේ පියාණන් ඔහුව නොසලකා හැර ජන්කුක් දෙස බලා මදක් ආචාර කලේ ටේහ්‍යුන් දෙතොල් නොපිට පෙරලාගෙන සිය පියාණන් දෙස බලා සිටියදී.

"මීට හෝරාවකට පමණ පෙර දඩයක්කරු වන් ඇටවූ මද්දකට ......"

"ලෙන තුලට පැමිණෙන්න .."

ටේහ්‍යුන් ව නොසලකා හැර ජන්කුක් හට නැවත ආචාර කර අනාගත වාක්‍ය කරු ඔහුට මාර්ගය පෙන්වමින් සිය හස්තය දිගු කලෙයින් මද සිනාවක් ඔහු වෙත පා ජන්කුක් පෙරමුණ ගත්තේ තොල නොපිට පෙරලා දෑස් වල කඳුලු පුරවාගෙන කෝපයෙන් ජන්කුක් දෙස බලා සිටින ටේහ්‍යුන් වෙත සම්ච්චල් සහගත බැල්මක් යොමු කරමින්.

"ඒත් පියාණෙනි......."

"පසුව ටේහ්‍යුන්..."
තමා අසුන් ගෙන සිටි ස්ථානයෙන් නැගිට තමා හට ආචාර කල හොසොක් හට සිනහවකින් සංග්‍රහ කල ඔහු ටේහ්‍යුන් ව නොසලකා ඉදිරියට ඇදුනයින් ටේහ්‍යුන් වේගයෙන් හුස්ම ගනිමින් ජන්කුක් හට පහර දෙන අයුරු අභිනය කලා.

"ඔබ - වදකාරයෙකු - වග - මා - වටහා ගත්තා - දුටු- විටෙම ආආආආආආආආආආආආ !!!!!!!!!"

කෝපයට පත් ටේහ්‍යුන් ජන්කුක් සිය පියාණන් සමග ලෙන තුලට පිවිසී නොපෙනී යන බලා සිටිමින් කෑ ගැසුවේ මීට ප්‍රථම සිය පිය කිසි දිනෙක මෙලෙස ඔහුව නොසලකා හැර නොමැති නිසා. ඇරත් ඔහු තුවාල ලබා යැයි පැවසූ මොහොතකදී ඔහුව නොසලකා හැර ආගන්තුකයා සමග ලෙන තුලට පිවිසීම ටේහ්‍යුන් හට දරා ගත නොහැකි තරමේ කෝපයක් කැඳවීමට සමත් වූවා.



𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Où les histoires vivent. Découvrez maintenant