34 කොටස

680 190 76
                                    

"ජන්කුක්"

"ම්...?"

"සැබවින්ම ඔබ හෙට දින ආක්‍රමණිකයා ට විරුද්ධව සටන දියත් කරනවාද ජන්කුක්?"

මුහුද දෙස බලාගෙන , අනෙක් පස පෙරලූ යාත්‍රාවක් මත අසුනේ ගෙන ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුව මත හිස තබා ගෙන පෑයූ පුරහඳ දෙස දෑස් විසල් කොට බලන අතර තුර මුහුණදී ටේහ්‍යුන් හට සිනහවකින් සංග්‍රහ කල ජන්කුක් ඔහුව තමාගෙ පපු තුරුලට ගත්තා.

"හා මගෙ මැණික"


"ජන්කුක්"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුවට තව තවත් තුරුළු වෙමින් ජන්කුක් ගෙ වස්ත්‍රය තමාගෙ දෑතට ගුලි කරගන්නා අතරතුර මුමුණද්දී ජන්කුක් ඔහු දෙස බැලුවා.

"පවසන්න මගෙ මැණික..."

"ජන්කුක් ඔබට නැතිද බියක්"

ටේහ්‍යුන් හිමිහිට මුමුණමින් ජන්කුක් දෙස බලද්දී චන්ද්‍ර කිරණ අතරින් ඔහුගෙ දෙතොල් වෙව්ලන වග දුටු ජන්කුක් මදක් නැඹුරුව ඔහුගෙ දෙතොල් සිප ගත්තෙ සෙනෙහසින්.

"මගේ මැණික මගේ සවියට සිටින තෙක් නෑ මා හට බියක් මගෙ මැණික"

ජන්කුක් ටේහ්‍යුන් ගෙ මුහුණට වැටි හිස කෙස් සකස් කරමින් මුමුණද්දී ටේහ්‍යුන් ජන්කුක් දෙස බලා මද සිනහවක් පෑවත් ජන්කුක් දුටුවේ ඔහුගෙ නෙත්හි පිරී තිබෙන කඳුලු බිඳු.


"ටේහ්‍යුන් අසන්නකො... මා හට යමක් සිදු වූවත් මා නෑ කිසි දිනෙක ඔබව............."

ජන්කුක් කීමට තැනුවත් ඊට පෙර ඉස්සර වූ ටේහ්‍යුන් ජන්කුක් ගෙ තුරුලින් නැගී සිට ඔහුව තදින් වැලඳ ගනිද්දී ජන්කුක් ද ඔහුව තුරුලු කරගත්තෙ ඔහුට ටේහ්‍යුන් කෙරෙහි ඇති උන අපමණ සෙනෙහසට.

"ජන්කුක් එපා එවැනි අසුභ වාදී කතා පවසන්න. වැටහුනාද?"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ දෑස් දෙස බලමින් මුමුණද්දී තමාගෙ ගෙල වටා දෑත් පටලවාගෙන තමාගෙ ශරීරයට තව තවත් ගුලි වන ටේහ්‍යුන් ගෙ ශරීරයෙ උණුහුම හොඳින්ම ජන්කුක් හට දැනෙද්දී ඔහු ටේහ්‍යුන්ගෙ නලල් තලය මත තමාගෙ නලල් තලය ගාවා බලා උන්නා.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now