දස වසරක් ගත වීමෙන් අනතුරුව
"රාජ කුමාර යුන්ගී සහ රාජකුමර ජන්කුක් රාජසභාවට සැපත් වන වගායි...."
අණ බෙර කරුගේ නාදයත් සමග , ශින්දේ ගම්මාවෙහි වූ කැරැල්ල එක්ව සාර්ථක නිම කල රාජකුමාර යුන්ගී හා ඔහුගෙ සොයුරු රාජකුමාර ජන්කුක් රාජ සභාවට පිවිසියහ. තේජස් ගමනින්, එක එල්ලෙ යොමු කල දෑසින් යුතුව දෙසොහොයුරන් රාජ සභාවට ප්‍රවිශ්ඨ වන විට රාජ සභිකයන් පමණක් නොව මහරජු පවා සිය පුතුන්ව පිලිගැනීමට සූදානමින් සිහසුනින් නැගී සිටියා.
"අපූරුයි පුතුනුවනි... යුන්ගී , ජන්කුක් අපූරුයි. මහ රජු වශයෙන් පමණක් නොව ඔබ දෙපලගෙ පියා වශයෙන් පවා මා හට තුටුයි ඔබ දෙදෙනා ගැන"
මහරජු සෝක්ජින් සිහසුනින් බැස ජන්කුක් හා යුන්ගී වෙත විත් ඔවුන් දෙපළ එක්ව වැළද ගනිද්දී දෙදෙනාම සිනා මුසු මුවින් ඔහුව පෙරලා වැළද ගත්තා"මා හට ආඩම්බරයි සැබවින්ම. එතරම් විසල් කැරැල්ලක් ඔබ දෙදෙනා එක්ව විසඳීම පිලිබඳව. සැබවින්ම රාජ්‍යයේ අනාගතය ස්ථීරයි නොවෙද මහ ඇමති?"
මහා ආඩම්බරයකින් සිය විසි හැවරිදි සහ දහ අට වියැති පුතුන් දෙස බලමින් මහ රජු මහ ඇමති දෙස බලා පවසද්දී රාජකුමාර ජන්කුක් වෙත ආඩම්බරයෙන් බැලූ මහ ඇමති හිස සැලුවේ බොහෝ තුටින්."පු.... පුතුනි... මගේ පුතුනි..."
සිය පුතු ජීවිත අවධානමහි හෙලා කැරැල්ල මැඩ පැවැත්වීමට යාමෙන් අනතුරුව ඔහු ගැන කණගාටු වෙමින් ඔහුගෙ දිවියට යම් අනතුරක් වේයැයි බියෙන් ඔහු වෙනුවෙන් ඔහු රාජ්‍යයෙන් නික්ම යෑමෙන් අනතුරුව දින ගනනාවක් දෙවියන් ඉදිරියෙ යැදි , අග බිසව සිය පුතු යලි පැමිණියේ යැයි කරුන ගැන තුටින් දිව විත් ඔහුව වැළඳ ගත්තෙ යුන්ගී කුමරු ද ඈව පෙරලා වැලඳ ගනිද්දී.
"ඔ...ඔබ හොඳින් නොවෙද පුතුනි... යම් කරදරයක් වත් නෑ නොවෙද වූයේ..."
යුන්ගීගෙ මුලු මුහුණම අත ගාමින් අසද්දී යුන්ගී ඈ දෙස බලා සෙනෙහෙබර සිතින් ඈ සමග පෙරලා සිනා වූයේ ඈගෙ දාරක සෙනේහය උතුරන දෑස දෙස බලමින්."ඔහු බොහොම සුවින් බිසවුනි. නොවෙද යුන්ගී?"
මහ රජු යුන්ගී දෙස බලා සිනා සෙමින් අසද්දී ඔහු ද පෙරලා මහරජු සමග සිනා වූවා.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022