44 කොටස

650 174 116
                                    

"ජන්කුක්...."

"කුමරුනි...."

"රාජකුමාර ජන්කුක්..."

"කුමරුනි අවධි වන්න"

ටේහ්‍යුන්ව තමන්ගෙ පපු තුරුලට ගෙන වැල්ලෙහිම යාත්‍රාවක බඳට හිස තබාගෙන ගැඹුරු නින්දට වැටී සිටින ජන්කුක් ගේ උරහිස අල්වමින් යමෙක් ඔහු අමතද්දී හිමිහිට සිය දෑස් නිදිබරව අවධි කල ජන්කුක් ඔහුව ඇමතූ පුද්ගලයා දෙස බැලුවා.

"හොසොක්....?"

"කුමරුනි... මාලිගයෙන් පැමිණිලා.. ඔබතුමාව හමු විය යුතුයි පවසනවා.."

හොසොක් ජන්කුක් දෙස බලා මුමුණද්දී කිසිවක් නොකී ජන්කුක් පුදුමෙන් බලා සිටියදී ඇසුනු කලබලකාරී හඬ සේම තමාට දැනුන ජන්කුක්ගෙ ගේ හුස්ම රටාවේ වෙනස නිසා ජන්කුක් ගෙ පපු තුරුලේ ගුලි වූ ටේහ්‍යුන් දෑස් විවර කොට ඔවුනගෙ කතා බහට කන් දෙන්නට වූවා.


"කුමකටද ඔවුන් පැමිණියේ ආ... මා අයියණ්ඩිට පැවසුවා මා පිලිබඳ හෙලි නොකරන ලෙස.."

ජන්කුක් ගෙ පපුව මත හිස හස්තය තබාගෙන ඔහු දෙස දෑස් විසල් කොට බලා සිටි ටේහ්‍යුන් දෙස බැලූ ජන්කුක් මුමුණද්දී කිසිවක් නොකී හොසොක් ඔහු දෙස බලා උන්නා.


"හොඳයි! මා නෑ යනුයෙ... පවසන්න ඔවුන් හට පිටත් වන්න කියා.."

ටේහ්‍යුන් ගෙ බිය රැඳි මුහුණ දෙස බලා මිමිණූ ජන්කුක් ඔහුව යලිත් වරක් සිය පපුවෙහි හොවා ගනිමින් තෙපලද්දී හොසොක්ගෙ මුවෙහි පහල වූයේ භීතියක්.

"න-නමුත් කුමරුනි... රාජ ආඥාවක් නොවෙද එය.. මහරජුගෙ නියම පරිදි පැමිණි වග සැල කර සිටියා.. නොසලකා හැරිය නොහැකි නොවෙද?"

හොසොක් ජන්කුක් දෙස බලා මුමුණද්දී එක් හස්තයෙකින් ටේහ්‍යුන් ව තව තවත් තුරුලු කර ගනිමින් , නිදහස් හස්තයෙන් වෙරළෙහි උන් වැලි කැට දෑතින් තද කලෙ ඔහුට දැනුන කෝපයට.


"ජන්කුක්..."

"ජන්කුක් අප ගොස් බලමු ? ආ..."

"ජන්කුක් අසන්නකෝ... ගොස් බලන්න. එය මහරජු ගේ අඥාවක් නම් නොසලකා හැරියොත් ඔබට දණ්ඩන හිමි වේවි... පිටත් වෙමු... ?"

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now