47 කොටස

609 181 56
                                    

____________

උත්තර දක්ෂිණ කොරියා අධිරාජ්‍ය යා කරන දේශසීමාවට යාබදව වූ ධීවර ගම්මානය.

වෙරල තීරය

හිරු බැස යන සැදෑ වරුව

"ටේහ්‍යුන් පැමිණෙන්න කරුණාකර... අද දිනත් නොහැකී ඔබට මෙහි රැඳෙන්නට ඉඩ හරින්න. මෙහි බොහොම ශීතයි!"

සයුර තුළ ගිලෙන සූර්යයා දෙස හැගීමක් නොමැති දෑස් වලින් බලන , වැලපෙන හදින් පීඩා විඳින ටේහ්‍යුන් ගෙ උරහිසට හස්තය තබමින් හොසොක් මුමණද්දී කිසිවක් නොකී ටේහ්‍යුන් බර හුස්මක් පහතට හෙලුවා.

"ඔහු පවසන්නේ සත්‍ය ටේහ්‍යුන්. පිටත ශීත අධිකයි රාත්‍රියේ. අප නිවෙස තුළට යමු"

හොසොක් සමග, වෙරලෙ රැඳෙන ටේහ්‍යුන් ව නිවෙසට රැගෙන යාමට එහි පැමිණි නම්ජුන් ගෙ බිරිඳ වූ සේහා ද ටේහ්‍යුන් හට ආයාචනා කරද්දී කිසිවක් නොකී ටේහ්‍යුන් වෙරලේ හැපි හැපී බිඳෙන රළ පෙළ දෙස නෙත් යොමා උන්නෙ බිඳුනු හදින්.

"ටේහ්‍යුන්....!"

"තනි වූ රළ වෙරල තීරයට පැමිණෙන්නෙ උණුහුමක් බලාපොරොත්තුවෙන් උනත් , වෙරල තීරය බිඳ දමනවා ඒ රළ. මගේ රජකුමරුත් එක් වෙරලක් වේවිද අයියණ්ඩී...? ඔහු මා හට දුන් වදන් ඉටු නොකරාවිද?"

ටේහ්‍යුන් වියලි හඬින් මුමුණනද්දී කිසිවක් නොකී හොසොක් වෙරළෙහි දණ නවා සිටින ටේහ්‍යුන් අසල දණ නවා ඔහුගෙ හිස ස්පර්ශ කලේ ස්නේහයෙන්.

"එසේ නොමැතී ටේහ්‍යුන්... ඔහු ඔබ පෙම් බඳිනවා."

හොසොක් ටේහ්‍යුන්ගෙ සිත සනසනු වස් තෙපලුවද ඔහුට ද නෑ ජන්කුක් පිලිබඳ විශ්වාසයක් තිබුණෙ. ජන්කුක් හට යලි රජ සැප හිමි වූ කල්හි ඔහු වෙනස් නොවී සිටීම සම්බව්‍ය දැයි හොසොක් ගේ සිතෙහි සන්දේහයක් පැවතියේ නිතැතින්.


"ටේහ්‍යුන් කරුණාකරලා.."

"කරුණාකරලා මා හට මෙලෙස සිටීමට ඉඩ හලින්න. ජන්කුක් නොපැනියත් අවම වශයෙන් ඔහු සමග ගත කල ප්‍රීතිමත් මතකයන් මෙහි පිරී පවතිනවා. කරුණාකර ඉඩ හරින්න. මෙය මා හට සැනසීමක්"

ටේහ්‍යුන් සයුර දෙස බලා තෙපලද්දී හොසොක් බලාපොරොත්තු කඩ වූ දෑසින් ටේහ්‍යුන් දෙස බලා සිටියදී සේහා හොසොක්ගෙ උරහිස සිය හස්තය තැබුවා. හිස හරවා බැලූ හොසොක් දෙස බලා හිස සැලූ ඈ අනෙක් පස හැරී පිටත් වද්දී මොහොතක් කල්පනාවට වැටි හොසොක්ද ටේහ්‍යුන්ගෙ හිස අත ගා නැගී සිටියා.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Donde viven las historias. Descúbrelo ahora