දකුණු දිග කොරියා අධිරාජ්‍යය
ප්‍රධාන මාලිගය"අධිරජුනි"
රාත්‍රියේ සැතපීමට සූදානම් ව යහන වෙත පැමිණි මහරජු යුන්ගී වෙත පැමිණි ඔහුගෙ පතිනිය වූ මහ රැජින ඉයුන්වෝ ඔහුගෙ ගෙල වටා සිය දෑත් පටලවා ගනිද්දී ඈ දෙස දෑස් කොනින් විපරම් කල යුන්ගී වෙනතක් බලා සුසුමක් පිට කලා.
"සැතපෙන්න ඉයුන්වෝ"
ඔහුගෙ දෙකොපුල් පුරා සිය රතඟිලි ගෙන යන ඉයුන්වෝ දෙස නොරිස්සුම් මුවින් බැලූ යුන්ගී තදින් සේරම කලකිරීම මුසු හඩින් තෙපලද්දී ඈ අමනාපය මුසු හඬක් නගමින් ඔහුගෙ පසෙකින් අසුන් ගත්තා.
"මහරජුනි ? මන්ද මේ? මේ ඔබතුමාගෙ පතිනිය නොවෙද? විවාහ වූ දින සිට එක් වරයි ඔබතුමා මා හා එක් වූයේ.... එයත් මසයකට පමණ ප්‍රථම...!!''
නෑ සුනා සේ වෙනතක් බලා ගත් යුන්ගී දෙස කෝපයෙන් බලමින් මිමිණූ ඈ එතැනින් නැගී සිටීමට තැත් කලත් එක් වරම උදරයෙන් දැනුන වේදනාව සමග මුව අප්‍රසන්න බවක් දැනෙද්දී ඈගේ හිස බමන්නට වූයෙන් ඈ සිය හිස අල්වාගෙන යුන්ගී අසල අසුන් ගත්තෙ යුන්ගී ද පුදුමයෙන් ඈ දෙස බලද්දී.
"ආහ්..."
"කිමෙක්ද වූයෙ...?" ඇගේ මුවින් වේදනාත්මක කෙඳිරියක් පිට වද්දී යුන්ගී ඈ දෙසට සිය අවධානය යොමු කරමින් මිමිණුවා.
"මා හට.... මහ...රජුනි.."
ඒ තෙපළීමට තැත් කලත් එක් වරම අඩපණ වූ ශරීර ඇතිව ඈ යුන්ගී ගෙ තුරුලට වැටෙද්දී එක් වරම පුදුමයට පත් වූ ඔහු ඈව දෑත් අතරට ගත්තා.
"ඉයුන්වෝ... දෑස් විවර කරන්න. කුමක්ද සිදු වූයේ"
සිය පතිනිය ගෙ මුහුණට වැටී ගිය හිස කෙස් පසෙකට කරමින් ඇගේ දෙකොපුල් වලට යන්තමින් තට්ටු කෙරු ඔහු ඈ ව යහන මත සතප්පවා සිට ගත්තා.
මොහොතක් ඈ දෙස බලා සිටි ඔහු එතැනින් නැගී සිට ද්වාරය වෙත දිව ගියේ ඔහුගෙ ප්‍රධාන සේවක සොයා. ද්වාරය විවර කල ඔහු එය ඉදිරියෙ සිටගෙන සිටි ප්‍රධාන සේවක දැක ආඥා නිකුත් කලෙ , සිය මුතුණුවන් වසරකට පූර්වයෙ මිය ගිය පසු ප්‍රධාන වෙදැදුරු ලෙස පත් වූ තරුණ වෙදදුරු ජිමින්ව කැඳවා එන ලෙසට.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022