09 කොටස

866 241 91
                                    

හොසොක් සමග වාද විවාද කිරීමෙහි කිසිදු පලයක් අත් නොවන වග වටහා ගත් ජන්කුක් ටේහ්‍යුන් ව ඔසවාගෙන ගොස් එහි පසෙක වූ ගල් තලාව මත තබද්දී ටේහ්‍යුන් කෙඳිරි ගාමින් දෑස් විවර කරන්නට වූවා.


"ආ... අහ්... ආආආආආආආආආආආආආආ ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ!!!!"

එක් වරම ඔහුගෙ මුහුණට නැවී ඔහු දෑස් විවර කරන අයුරු බලා සිටින ජන්කුක් දුටු ටේහ්‍යුන් බියෙන් කෑ ගසන්නට වූයෙන් පුදුමයට පත් ජන්කුක් ඔහුගෙ උරහිසින් අල්ලා ගත්තෙ ඔහුව සංසුන් කරනු රිසියෙන්.

"බලන්න ටේහ්‍යුන් මම....."

"මාව පැහැරගෙන...  මිනිස් වෙස් ගත් යක්ෂයෙක් මා පැහැරගෙන...'
ඔහු සිටි ස්ථානය පිලිබඳවත් නැතිව අවබෝධයක් ටේහ්‍යුන් විලාප තියන්නට වූයෙන් ජන්කුක් හිසෙහි අත ගසා ගත්තෙ මුලු ලොවම උමතුවෙන් දැයි සැක කරමින්.

"අසන්න ටේහ්‍යුන්.. මම මනුෂ්‍ය....."

"ඔ...ඔබ.. කෙ..සෙද මගේ නාමය දන්නෙ..."

"ඔබ මා හට මොහොතකට පෙර පැවසූවා.."

බියෙන් ගොත ගසමින් ටේහ්‍යුන් මුහුණදී ජන්කුක් කෝපයෙන් මුහුණදී ටේහ්‍යුන් ජන්කුක් ගෙන් ගැලවෙනු රිසියෙන් ගල් තලාවෙන් බිමට පැනීමට උත්සාහ කලත් ඔහුගෙ පාදයෙන් දැනුන දැඩි වේදනාව නිසා ඔහුගෙ සමතුලිතතාවය බිඳි ගියා.

එක් වරම ඔහු බලාපොරොත්තු නොවී ලෙස පතිත වීමට යද්දී ජන්කුක් ගෙ ගෙලෙහි එල්ලුන ටේහ්‍යුන්ව ජන්කුක් බඳින් නොවැටින ලෙස අල්වා ගනිද්දී ඔවුන් දෙදෙනා මොහොතක් එකිනෙකා දෙස බලා සිටියත් , තමා දෙස ඇසිපිය නොහෙලා බලා සිටින ජන්කුක් ව පසෙකට තල්ලු කල ටේහ්‍යුන් පසෙක වූ ගල් තලාව මත අසුන් ගත්තෙ දෑසෙහි කදුලු පුරවාගෙන.

"මාව නිදහස් කරන්න..." ජන්කුක් දෙස බලා වැද වැටෙමින් ටේහ්‍යුන් ඉල්ලද්දී නැවතත් ගැඹුරු සුසුමක් පහතට හෙලූ ජන්කුක් ටේහ්‍යුන් දෙස උනන්දුවෙන් බැලුවා.

"බලන්න ටේහ්‍යුන්. මා නෑ ඔබව පැහැර ගත්තෙ.. ඔබ වනයේදි සිහි මුර්ජා වූ නිසයි........"
ජන්කුක් කීමට තැනුවත් ටේහ්‍යුන් යලිත් වරක් ඔහුගෙ ප්‍රකාශය ට බදා කරමින් කෑ ගැසූ නිසා ජන්කුක් නිශ්ශබ්දව ඔහු සංසුන්ව සිටින තෙක් පසෙකට වී බලා සිටීමට තීරණය කලෙ ටේහ්‍යුන් සමග වාද කිරීමට තව දුරටත් ඔහු සමග කිසිදු ශක්තික් නොසිටි නිසා.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now