ජන්කුක් වෙරළට වී සිටගෙන නැගෙන බැසෙන , වෙරල තීරයේ හැපි හැපී බිඳෙන රළ පෙල දෙස බලාසිටියෙ හැඟීම් විරහිත පුද්ගලයෙක් මෙනි.
ඒ වන විටත් සිය උරයේ තිබූ කැපුමට එම කුඩා ගම්මානයෙහි වෙසූ වෙදදුරු ලවා ඔහු ප්‍රථිකාර කොට තිබූ යෙන් ඔහුට යම් සුවයක් දැනුනෙයින් , ටේහ්‍යුන් හට ප්‍රථිකාර කිරීමට ඔහුව කුටිය තුලට ගත් පසු ජන්කුක් පිටතට පැමිණියෙ කලබලකාරී ඔහුගෙ සිත සංසුන් කර ගනු රිසියෙන්
ඈත ගැඹුරු මුහුදට දෑස් ආයා බලා උන් ජන්කුක් වේගවත් සුසුමක් පහතට හෙලුවේ ඔහුගෙ සිතට නැගුනු වේදනාත්මක කෝපයක් මුසු හැඟීමත් සමග.
"ජ...න්කුක් දිනෙක රා...ජ්‍යයේ මහ රජු ලෙස සි..හසුනෙහි අසු..න් ගන්න පුතු...නුවනි!"
"ප..ලි ග...න්....න"
සිය මෑණියන් ඈ අවසන් වරට ඇගෙ සුසුම් වාතලයට මුසු කිරුමට ප්‍රතම සිය උකුලේ හිස තබාන දෙඩූ වදන් මැවි මැවී ස්මරණ වද්දී ජන්කුක් පසෙක තිබූ බෝට්ටුවකට හැකි තරම් වෙර යොදා පාදයෙන් පහර දුන්නෙ ඔහුට දැනි කෝපය සේම කලකිරීමද පාලනය කර ගනි නොහැකි වූ තැන.
"ඔබ! ඔබ නිසයි මේ සියල්ලම ටේහ්‍යුන්!!"
තමාගේ සිතට දැනෙන කෝපය පාලනය කර ගැනීමට තනමින් සිය දෑත් මිටමොලවමින් මිමිණූ ජන්කුක් හට එවෙලේම ටේහ්‍යුන් වෙත ගොස් ඔහුට පහර දීමට සිතුනත් ඔහු යලි තම කෝපය පාලනය කොට ගෙන බර සුසුමක් හෙළුවා.
සිහසුනේ අසුන් ගෙන, ඔටුනු දරාගෙන තමා වෙත සම්ච්චල් සහගත ලෙස බලා සිටින රාජ කුමාර යුන්ගීද , ඔහුට පසුපසින් සිටගෙන තමා දෙස බලාගෙන සිටින අග බිසවත් ජන්කුක් හට මැවි මැවී පෙනෙද්දී , මහ හඩින් වෙරල දෙවනත් වන තරම් හඩින් ඔහු කෑ ගැසුවා.
"යුන්ගී... මා ඔබගෙ ජීවිත කතාව කෙසේ හෝ අවසන් කරනවා යම් දිනෙක!! ඔබ සේම ඔබේ මැණියන්ගෙත්!! මා වදන් දෙනවා එයට..!!"
තමාටම මුමුණා ගත් ජන්කුක් දෑතින්ම සිය නලල පිරි මැද්දේ සිත සංසුන් කර ගැනීමට වෙර දරමින්.
"ජන්කුක්?"
"මන්ද?"
තමාගෙ පසු පසින් කටහඩක් ඇසෙද්දි සයුර දෙස මෙතෙක් වේලා බලා උන් ජන්කුක් ඒ වෙත හිස හරවා බැලූ විට දුටුවේ ඔහු දෙස මද සිනහවක් මුව තුල පුරවා බලා සිටින හොසොක්. ඔහුද තමා මෙලෙස රාජකීය සේනාවට අසු වීමට වග කිව යුතු යැයි විශ්වාස කල ජන්කුක් දැනෙන කෝපය පාලනය කරමින් ඔහු දෙස බලා ප්‍රශ්නාර්ථව හිස සෙලෙව්වා.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022