"ආආආආ... ග..ලවා ගන්න ම්..ම්...මා... ආහ්.. ජ..න්කුක්....."
මුවට ජලය පිරෙද්දී නොගිලී සිටීමට තැත් කරමින් ටේහ්‍යුන් වේගයෙන් ගලා බසින ජල පහරෙහි පොර බැදුවේ කදුලු කඩා වැටෙන දෑසින්.
"ගිලී මියැදෙ...න්නට නෑ රිස්....සි..සි මා.... ආආආආ"
"අනේ මාගේ තරු...ණ දිවිය . නිරපරාදේ ජල පහර...ක ගසා ගියාආආආආආආආආආ"
ටේහ්‍යුන් විලාප නගමින් ජල පහරේ ඒ මේ අත පිහිනද්දී ඔහුගෙ බඳ වටා ශක්තිමත් හස්තයක් එතී ගියෙන් ඔහුගෙ විලාපය වැඩි වූවක් මිස අඩු වූයේ නැත.
"දිය රකුසෙක්.... ආආආආ.... දිය රකුසෙක්... මා ගල වා... ග....න්......න.."
මහ හඬින් විලාප නගමින් ඒ ශක්තිමත් ග්‍රහනයෙන් ගැලවිය නොහැකි තැන තම හස්තයෙහිම සිහි සුන් වූ ටේහ්‍යුන් ගෙ තමාගෙ උරට කඩා වැඩෙද්දී ඔහුව තම පපුවට තද කොට ගෙන , ඔහුට ශාප කරමින් එගොඩට පිහිනන්නට වූයේ ජන්කුක් ය.
ටේහ්‍යුන් ගේ සිරුර එතරම් බර නොවූවත් වේගයෙන් ගලා හැලෙන දිය පහරෙහි සිහිසුන්ව රෙදි බෝනික්කෙක් ලෙස තමාට බර වී උන් ටේහ්‍යුන් ව රැගෙන එගොඩට පිහිනීම නම් එතරම් පහසු කර්තව්‍යයක් වූයේ නැත.
අඩ හෝරාවක ට මදක් අඩු කාලයක් තිස්සේ ජල රැලි අතර දිවි ගලවා ගනු රිසිව පිහිනා ගිය ජන්කුක් අවසානයේ ඉවුරට ළගා වූයෙන් ටේහ්‍යුන් ව ඔසවාගෙන ගංගා ඉවුරට පැමිණියා.
"කෝ ඔය දෙනෙත් විවර කරන්න... ටේහ්‍යුන්.. විවර කරන්න ඔය දෙනෙත්..."
ටේහ්‍යුන් ගෙ දෙකම්බුලට පහර දෙමින් ඔහුට මිමිණුව ජන්කුක් ටේහ්‍යුන් ගෙ උදරය පහතට තෙරපූවේ ඔහුට ජලය පෙවී ඇති නම් ඉවත් වීමට.
"මොහු මිය ගියාවත් වත්ද?''
"නැත.. විය නොහැකි... ටේහ්‍යුන් අවදි වන්න..."
ටේහ්‍යුන්ගෙ පපුව මදක් තෙරපමින් මිමිණූ ජන්කුක් සිය දෙතොල් සපාගෙන ඔහුගෙ ඉදිමී රත් පැහැ ගැන්වී ගිය දෙතොල් දෙස මොහොතක් බලා උන්නේ චංචල සිතින්.
"ටේ...ටේහ්‍යුන්?"
නැවතත් මද කල්පනාවකට නිග්මව උන් ජන්කුක් දෙදණ නවා ටේහ්‍යුන්ව මදක් ඔසවා ඔහුගෙ දෙතොල් වලට සිය දෙතොල් සමීප කලේ ඔහු හට ස්වසනය කිරීමේ අපහසුවක් වී නම් එය මග හැරවීමට කෘතිම ශ්වසනය දීමේ රිසියෙන්.
ESTÁS LEYENDO
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Ficción históricaගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022