03 කොටස

1.1K 261 66
                                    

"උප බිසවුනි... උප බිසවුනි සංසුන් වෙන්න"
තම කුටිය තුල තිබෙන බඩු බාහිරාදිය කුඩු කර දමන උප බිසවත් , තම මෑණියන්ගේ මෙම හැසිරීම දෙස බියෙන් බලා සිටින කුඩා රජකුමරු ජන්කුක් දෙසත් බලමින් මහ ඇමති බිසවව නැවැත්වීමට ප්‍රයාස කරද්දී, අලංකාරය උදෙසා තබා ඇති මල් බඳුනක් පසෙක එල්ලා ඇති අසිපතක් ගෙන කුඩු කර දමන අයුරු මහ ඇමති චංචල සිතින් බලා සිටියා.

"උපබිසවුනි, කිමද මේ...?"

"කිමද? කිමද කියා මන්ද විමසනුයෙ මහ ඇමති..? මගේ පුතු! මගේ පුතු ජන්කුක් තමා දිනෙක මහරජු විය යුත්තෙ... අග බිසවගේ කිසිඳු දක්ෂතාවයක් නොමැති කුමරු නොවෙයි"

තවත් අලංකරණය උදෙසා තැබූ බඳුනක් බිඳ දමමින් බිසව කෑ ගැසුවේ පසෙකට වී ගුලි වී සිටින තම කුඩා පුතුගෙ හස්තයෙන් ඇද ගෙන ඔහුව තමා අසලට ගන්නා ගමන්.

"ජන්කුක්... කවුරුන්ද ඔබ...?" ජන්කුක් ගෙ හස්තය මිරිකා ඇය තදින් අසද්දී ජන්කුක් බියෙන් මහ ඇමති දෙසත්, සිය මෑණියන් දෙසත් බලන්නට වූයෙන් ඈ යලිත් කෑ ගසන්නට වූවා.

"ඔබයි මේ රාජ්‍යයෙ මතු අනාවේ අධිරජු! කුමක්ද ජන්කුක් ? පවසන්න!!"

"අ...අ..ධි.. අධිරජු.."
ජන්කුක් සිය මැණියන් ගෙ කෝපයෙන් රත් පැහැව මස් පිඬු වෙව්ලන මුව දෙස බලමින් වෙව්ලන කටහඩින් පවසන්න ට වූයේ මහ ඇමති ඇගේ ග්‍රහනයෙන් ඔහුව තමා වෙත ඇද ගනිද්දී.

"බිසවුනි, කරුණාකර සංසුන් වන්න...."

"සංසුන් වන්නෙ කෙලෙසද? කෙලෙසද මා සංසුන්ව බලා සිටිනුයෙ!! මගේ කුමරුගෙ උරුමය අර අග බිසවගේ පුතු ඉල්ලා ගනිද්දී..... "
ඇය වෙව්ලන කට හඩින් කෑ ගසමින් යා බද රනින් නිම කල අසුනකට පයින් ගැසුවේ එය මහ හඬක් නගින් පෙරලා වැටෙද්දී...

"කුමක් ද කරණුයේ බිසවුනි. අණ දෙන්න මා හට. රජකුමරු , අධිරජු කිරීමට මා ඕනෑම දෙයක් කරන්නම්"
ඇයගෙ වඩා විශ්වාසී සේවකයා ස්ථීරව පවසද්දී ඈ රත් පැහැයෙන් වියරු වැටි දෙනෙතින් ඔහු දෙස බලා සිටියා.

"ඕනෑම දෙයක්?" ඈ අසද්දී ඇගේ කටහඩින් ඇසුනේ උමතුවක්.

"හා... බිසවුනි... ඕනෑම දෙයක්!!"
මහ ඇමති ප්‍රති වදන් දුන්නෙ ස්ථීරව ඈ දෙසත් තමා අසල සිටගෙන සිටින කුඩා කුමරු දෙසත් බලමින්.

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Donde viven las historias. Descúbrelo ahora