02 කොටස

1.6K 275 96
                                    

ක්‍රිස්තු වර්ෂ 1392
මින් රාජ්‍ය සමය.

"හිරු සඳු පවතින තාක් කල් සිය රශ්මියෙන් මහ පොලොව ඒකාලෝක කරන , මුලු මහත් දකුණුදිග කොරියා අධිරාජ්‍යයටම අධිපති  සකල දීපයට හිරු වූද, සිය ජනයාගෙ සිතට සඳු වූද, අධිරජු මින් සෝක්ජින් රාජ සභාවට සැපත්වන වගයි..."

රාජසභාවම දෙවනත් කරමින් පැතිර ගිය අණබෙර කරුගෙ නාදයත් සමග මින් රාජ්‍ය අවධියේ සතර වන පාලක මින් සෝක්ජින් මහරජු රාජ සභාවට සම්ප්‍රාප්ත වූයේ තේජස් විලාසයක් විදහා පාමින්.

මුලු දකුණු දිග කොරියා අධිරාජ්‍යම එක් ධජයක් යටතට පත් පළමු පාලකයා ලෙසත්, රාජ්‍යයේ මූලික ආදායම් ව්‍යාප්තිය සියල්ලන් අතරම සම මට්ටමක පවත්වා ගත් මුල්ම අධිරාජ්‍යයා ලෙසත් , දකුණු දිග කොරියා රාජ්‍යය කෘෂිකර්මයෙන් පරතෙරට පැමිණෙනු වස් දායක වූ සාර්ථකම අධිරජු ලෙසත්  ඉතිහාස පොතෙහි රන් අකුරින් නාමය සටහන් වූ අධිරජුගෙ සම්ප්‍රප්තියත් සමග රාජ සභාවෙහි අසුන් ගෙන මහරජුගෙ සම්ප්‍රප්තිය බලාපොරොත්තුව සිටි සියල්ලම නැගී සිටියෙ ඔහුට ආචාර කරමින්.

සලු පිලෙන් හැඩවූ තේජස් ගමන් විලාසයෙන් රාජ සභාවම එක් බැල්මකින් ඒකාලෝක කරමින් සිදුවූ මහරජු ගෙ සම්ප්‍රාප්තියත් සමග , ඔහුට ගෞරව පළකරනු වස් හඬ නැගූ බෙර නාදය ඔහු සිහසුන මත අසුන් ගැනීමත් සමග කෙමෙන් කෙමෙන් වියැකී ගියෙ සිය සංසුන් කමෙන් පිරි දෑස් නැවතත් සිය අසුන් වල අසුන් ගන්නා රාජසභාව පුරාම අධිරජු යවද්දී..

"මහ ඇමති...." අධිරජු සිය සිහසුනේ අසුන් ගෙන පහල අසුනක් දරා සිටි මහ ඇමති දෙස බලමින් පවසද්දී මහලු මහ ඇමති තුමා අසුනින් නැගිට මහරජු හට ආචාර කලා.

"එසේය මහ රජුනි"

"මහ ඇමති, රාජ්‍යයෙ තතු කෙසේ ද? සියලුම වැසියන් සුවින් නොවෙද? සියල්ලම තුටින් සිටින ලකුණු තිබෙනවා නොවේද?"
අධිරජු මහ ඇමති දෙස බලමින් සිය තේජසින් පිරී ගිය කටහඬ විදහා පෙන්වමින් පවසද්දී මහ ඇමති හිස නවා නැවත වාරයක් රජු හට ආචාර කලා.

"එසේය මහරජ තුමනි. ලැබුනු තොරතුරු වලට අනුව නම් සියල්ලෝම බොහොම තුටින් කල් ගත කරනවා මහ රජුනි. එසේම රාජ්‍යයෙහි සිවු කොන කොතැනකවත් නෑ කිසිදු දුර්භීක්ෂයක්. නෑ කිසිදු සාගතයක් හෝ වසංගතයක්. රාජ්‍ය වැසියන් සියල්ලෝම සුවෙන් පසුවන බවටයි තොරතුරු ලැබෙනුයෙ අධිරජුනි"

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now