"එය දිගු කලක් වූවා ටේහ්‍යුන්"
ටේහ්‍යුන්ව සිය දෑත් අතරට ගන්නා අතරතුර ජන්කුක් මුමුණදී , ජන්කුක් ගෙ ගෙල වටා දෑත් පටලවා ගත් තවමත් කඳුලු ගලා යාම නිම නොවූ දෙනෙතින් ජන්කුක් ගෙ දෑස් දෙස බලා උන්නා.
"කිමෙක්ද කුමරුනි..?"
ජන්කුක් දෙස ලැජ්ජාශීලි ඉරියව්වෙන් බලමින් ටේහ්‍යුන් තෙපලද්දී ජන්කුක් සිනා සෙමින් ටේහ්‍යුන්ව සිය දෑත් අතරට ගෙනම පපු තුරුලට තද කොට ගෙන සිටියා.
"මගේ ටේහ්‍යුන්... මා සමග සැතපෙන්නවාද"
ජන්කුක් ටේහ්‍යුන් ගෙ දෑස් දෙස බලා හිමිහිට මුමුණද්දී වේගවත් හුස්මක් සමග ජන්කුක් දෙස බලා උන් ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුව පුරා එක් හස්තයෙකින් ඇගිලි තුඩු ගෙන ගියා.
"නමුත් ජන්කුක්.... මෙහි? මේ වෙරලහි?"
ටේහ්‍යුන් ලැජ්ජාශීලිව තෙපලද්දී ජන්කුක් සිනා සෙමින් ටේහ්‍යුන්ව ඔසවාගෙන වෙරලෙහි අනෙක් යාත්‍රා වලින් මදක් ඔබ්බට වූ ධීවරයන් ප්‍රයෝජනයට නොගෙන අත් හැර දැමූ තරමක් විශාල යාත්‍රාවක් වෙත ගොස් ඒ තුල ටේහ්‍යුන් දිගා කරවද්දී ටේහ්‍යුන් ජන්කුක් දෙස ලැජ්ජාශීලි ව බලා උන්නා.
"මගේ පුංචි කුමරු..."
ටේහ්‍යුන් මතට එමින් ජන්කුක් මුමුණද්දී ජන්කුක් ගෙ පපුව මත දෑත් ගුලි කර ගත් ටේහ්‍යුන් , තමා වෙත එල්ල වූ ජන්කුක් ගෙ ප්‍රේමය මුසු රාගයෙන් පිරි දෑස් මග හරිමින් බිමට හිස නැඹුරු කොට ගනිද්දී , ජන්කුක් ඔහුගෙ ගෙල සිප ගන්නට වූවා.
"බලන්න ටේහ්‍යුන්. අප මෙය නිවසේ සිදු කලා නම් හොසොක් අයියණ්ඩිගෙන් මරණ දණ්ඩනයද ලැබිය හැකී"
ජන්කුක් ගෙ සිප ගැනීම තුලින් ලැබෙන වින්දනය හමුවේ දෑස් වසාගෙන වේගයෙන් කෙඳිරිලි හඩක් නගන ටේහ්‍යුන් හට ජන්කුක් මුමුණද්දී මුව රත් පැහැ කර ගත් ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුවට පහර දී ඔහුට ලැජ්ජාශීලිව රැව්වා.
"සත්‍යයනේ පැවසූවේ මගේ චන්ද්‍රයා.."
ව්‍යාජ අමනාපයක් මවා මිමිණූ ජන්කුක් ටේහ්‍යුන්ගෙ ශරීරය වසා තිබි සියලුම වස්ත්‍ර එකින් එක ඉවත් කොට ඔහුව තමා ඉදිරියේ නිරුවත් කරද්දී ටේහ්‍යුන් ජන්කුක් දෙස ඇසිපිය නොහෙලා බලා උන්නෙ ප්‍රේමය පිරි දෙනෙතින්.
BẠN ĐANG ĐỌC
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Tiểu thuyết Lịch sửගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022