04 කොටස

982 258 59
                                    

ජන්කුක් කුමරුව පිටත තනිකොට ගල් ලෙන තුලට පිවිසි බිසව හා මහ ඇමති අඩ අඳුරේ පහන් දැල්වෙමින් තිබූ විශාල ගල් ලෙන දෙසත් , එහි පැතිර යන සුඝන්ධ දූප සුවඳ ආඝ්‍රාණය කරමිනුත්, එහි දෝංකාර නැංවෙන මන්ත්‍ර වලට සවන් යොමු කරමිනුත් ඉදිරියටම ඇවිද ගියේ එහි වෙසෙන ආනාගත වාක්‍ය කරු සොයාගෙන. විනාඩි කිහිපයක් පුරාවට ගල් ලෙනහි ඇවිද ගිය බිසව හා මහ ඇමති අවසානයේ ස්වභාවිකවම සෑදූන විශාල කුටියකට ප්‍රවිශ්ට වූවා.

"පෙන්නුම් කරනවා මහා විපර්යාසයක්!
ඔබගේ බලාපොරොත්තු සපල කිරීමක්
නීතියේ කේන්ද්‍රස්ථානය තුල මරණයක්
එසේම නව පුරාවෘත්තයක ආරම්බයක් ! "

බිසව හා මහ ඇමති ගල් වලින් නිර්මිත
කුටිය තුලට ප්‍රවිශ්ට වීමත් සමගම එහි වූ මන්ත්‍ර කරුගේ ගුප්ත කටහඬහි අනුනාදය  ඒ පුරා දෝංකාර නංවන්නට වූයේ බිසව සේම මහ ඇමතිත් එක් ක්ෂණයකට ගල් ගස්සවමින්.

"පැමිණෙන්න උප බිසවුනි"
මන්ත්‍රකරු හඬ නගා කියන්නට වූයේ බිසව හා මහ ඇමති එකිනෙකා දෙස පුදුමෙන් බලා ගනිද්දී. ඔවුන් කිසි විටකවත් ඔවුන්ගෙ අනන්‍යතාවය පිලිබඳව කිසිදු දැනුම් දීමක් සිදු නොකල අතර ඒ පිලිබඳ මන්ත්‍රකරු කෙසේ දැනගත්තේ ද යන්න පිලිබඳව සැබවින්ම බිසවුන් සේම මහ ඇමති හටත් පුදුමයක් වූයේ මන්ත්‍රකරු පිලිබඳ තිබෙන ගෞරවය බිසවුන් ගෙ සිතෙහි කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී....

"අප පැමිණියේ....... "
බිසව තිරයකින් ආවරණ කර තිබූ මන්ත්‍ර කරුගෙ අසුන ඉදිරිපිට අසුන් ගනිමින් මිමිණුවෙ ඔහුගෙ රුව කෙලෙසෙදැයි අනුමාන කිරීමට තැත් කරමින්.

"අග බිසවගෙ පුත් කුමරු ඝාතනය කොට ඔබගෙ පුත් කුමරුට සිහසුන ලබා දීමට රිසියක් නොවෙද තිබෙනුයේ බිසවුනි?"
මන්ත්‍ර කරු ගෙ ගුප්ත කටහඬ නැවතත් ගල් ලෙන පුරා දෝංකාර නංවද්දී එක් ක්ෂණයකට පුදුමයට පත් වුවත් බිසව "එසේය" යැයි නොපැකිලිව මිමිණුවා.

"එය කල හැකී නොවෙද?" මන්ත්‍රකරුගෙන් පිලිතුරක් නැති තැන උනන්දුවෙන් ඔහු වෙත එබී බලමින් බිසව විමසද්දී මන්ත්‍ර කරු සිය හඬ අවධි කරනු තිරය පසුපසින් බිසවට ඇසුනා...

𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓Where stories live. Discover now