ජන්කුක් නම්ජුන් සමග ආගන්තුකයා මුණ ගැසුමට පිටව යාමන් අනතුරුව ටේහ්‍යුන් සිය දෑස් එහෙ මෙහෙ දිවෙන්නේ හොසොක් සහ අත්තම්මා සිටින ඉස්වුවක් සෙව්මට.
නිමේෂයක් ගත වීමටත් ප්‍රථම විශාල ජනකාය අතර සේහා සමග කතා බහෙ නිරුතු අත්තම්මා හා ඈ අසල අපහසුවෙන් ස්ත්‍රීන් ගේ කතා බහට සවන් දෙමින් සිටින හොසොක් දුටු ටේහ්‍යුන් තමා සමගම සිනා සෙමින් එහි යෑමට තැනුවත් එක් වරම ඈතින් එන අසරුවන් දුටු ටේහ්‍යුන් එක් වරම එතැන ගල් වූවා.
"කුමක්ද සිදු වනුයේ... අපට නෑනෙ තහනමක් විදේශිය වෙළඳාමට.."
තමාටම මුමුණා ගත් ටේහ්‍යුන් ඒ සැපැමිනෙන්නේ සේජින්ගේ අසරුවන් දෙදෙනෙකු හා ඔවුන් පසු පසින් පැමිණෙන්නේ ඔහුගෙ සෙබලුන් කිහිප දෙනෙකු වග වටහා ගෙන පුදුමයට පත්ව ඉක්මනින් අත්තම්මා අසලට ගොස් ඇගෙ හස්තය අල්වා ගත්තා.
"අත්තම්මා.."
"ටේහ්‍යුන් කොහිද ජන්කුක්.. මන්ද අර අසරුවන්.."
ඔව්න් සමිපයට පැමිණි ටේහ්‍යුන් ගෙන් සේහා කලබලයෙන් අසද්දී ඔහුද පුදුමෙන් ඈ දෙස බැලුවා.
"ජන්කුක් නම්ජුන් අයියණ්ඩි සමග ඔබේ නිවසට පැමිණි උදව්කරුවා හමු වන්න ගියා අක්කණ්ඩි"
හිමිහිට මිමිණූ ටේහ්‍යුන් ඈ දෙස බලා මුමුණද්දී හිස සැලූ ඈ ඔවුන් ඉදිරියේම නැවතූ අසු දෙස භීතියට පත් දෑසින් බැලුවේ ඒ මත හිඳ උන් සේජින් ගෙ සුරත වූ ජේජන් දැක.
"මොහුයි ඒ තරුණයා... අත්අඩංගුවට ගනු.."
අත්තම්මා ගෙ හස්තයේ එල්ලී භීතියට පත් දෑසින් බලා සිටින ටේහ්‍යුන් ව පෙන්වමින් සේජින් පවසද්දී භීතියට පත් ටේහ්‍යුන් ගේ දෑස් විසල් වෙද්දී සෙබලුන් විත් ඔහුව ඇද ඔවුන් ගෙන ආ ශක්තිමත් යදමින් ඔහුගෙ දෑත් පසුපසට කොට බැඳ දමද්දී ටේහ්‍යුන් කෑ ගසමින් ඔහුගෙන් මිදීමට තැනුවේ අත්තම්මා හොසොක් සේම සේහාද ඔහුව ගලවා ගැනීමට දිව එද්දී.
"පසකට වී සිටිනු.."
භීතියෙන් හඬන ටේහ්‍යුන් වෙත දිව ආ පිරිස වෙත අසිපත දිගු කරමින් එක් සෙබලෙකු මොර දෙද්දී ජේජන් අසු පිටින් බැස හිමිහිට ටේහ්‍යුන් වෙත ලං වෙද්දී ටේහ්‍යුන් ඉකි ගසමින් පසු පසට යන්නට වූවා.
YOU ARE READING
𝐅𝐨𝐫𝐭𝐮𝐧𝐞 𝐭𝐞𝐥𝐥𝐞𝐫 | TK ✓
Historical Fictionගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Taekook Top kook Historical au Started date - 14 Feb 2022 Completed - 24 June 2022