වර්ෂ 2000 හි ග්‍රීසියේ බොහොම ප්‍රසිද්ධ නගරයක් වෙච්ච ඇතෑන්ස් පුරවරයේ බොහොම තදියමකින් කඩිමුඩියේ විශාල ගොඩනැගිලි අතර එහෙ මෙහෙ ගමන් කරන මිනිසුන්ගෙන් ගහන වෙලා තිවුන , මුලු නගරය පුරාම පැතිරුණු දීප්තිමත් ආලෝකයෙන්ද ප්‍රීතීමත් භාවයේ සේයා ද පැතිරුන දිනයක , ඇතෑන්ස් නගර මධ්‍යයට වන්නට අතුරු පාරක පිහිටි සුප්‍රසිද්ධ ව්‍යාපාරික කිම් මහතාගේ විශාල දෙමහල් නිවාසයේ තිබුනේ බොහොම නොසන්සුන් ස්වරූපයක්.
සීතල පොලොව මත බිම වැටිලා තමන්ගෙ කකුල් තමන්ගෙ පපුවට තද කරගෙන ඇස් දෙකෙ ලොකු කඳුලු ගුලි දෙකක් පුරවගෙන ඉන්න ඇඟ පතින් බොහොම කෙට්ටු තරුණයාට තමන්ගෙම පියා වෙච්ච කිම් මහතා තමන්ගෙ පාදයෙන් විසි වෙලා යන්න ගහනකොට ඔහු තමන්ගෙ දෙතොල් සපාගෙන එහෙමම වැතිරිලා උන්නෙ ලොකු අසරණකමකින්.
"තමුසෙට... තමුසෙට ලැජ්ජාව කියන දේ නැතිද? ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැතිද ටේහ්‍යුන්. තමුන් ගැන හිතන්න බැරි නම් තමුන්ට තමුන්ගෙ පවුල ගැන වත් හිතන්න බැරි උනාද ටේහ්‍යුන්?"
"තමුන් මග පුතෙක් නෙවෙයි!!"
බිම වැටිලා හිටපු ඔහුව ඔසවලා ඔහුගෙ පියා කන හරහා ගහපු පාරට ටේහ්‍යුන් බිම වැටෙනකොට ටේහ්‍යුන් එතනම කකුල් දෙක පපුවට තද කරගෙන ගුලි උනේ ඇස් දෙකෙන් කඳුලු කැට එකින් එක බේරෙනකොට.
"තමුන්... ෂික්.. තමුන්..."
"මට ලැජ්ජයි තමුන් මගෙ ළමයෙක් කියලා කියන්නත් ටේහ්‍යුන්... මොකක් ද මේ තමුන් ගත කරන ජීවිතෙ. අප්‍රසන්නයි"
බිම ගුලි වෙලා හිටපු බයෙන් ගැහුන ටේහ්‍යුන්ගෙ කොන්ඩෙන් ඇදලා ඔහුගේ තාත්තා ඔහුව නැගිට්ටවනකොට , ටේහ්‍යුන් කඳුලු පිරුණු දෑසින් තමන්ගෙ පියා වගේම ඔහුව වට කරගෙන ඉන්න පවුලෙ උදවිය දිහා බැලුවෙ අසරණව.
වරදක් නොවුන ඒ වරද වෙනුවෙන් පුංචි ම හරි අනුකම්පාවක් ඒ කඳුළින් තෙත් වෙලා ගියපු ඔහුගෙ දෑස් යැද්දා.
"තමුන්... තමුන් ගෑණියක් කියලා ද හිතන් ඉන්නෙ ටේහ්‍යුන්. කරාබු දාගෙන , තොල් ආලේපන කට පුරා ගාගෙන ? තමුන් පිරිමියෙක්ද? මොනවද මේ කරන ලැජ්ජා නැති වැඩ?"
YOU ARE READING
Dear Athens | TK ✓
Фэнтезиආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...