"තවත් බෑ ජිමින්.. තවත් බෑ. අපි ඕනෙවටත් වඩා මේවා ගත්තා"
"අන්තිම වීදු...රුව ටේහ්‍යුන්. අපේ යාලුක..ම වෙනුවෙන්"
හයියෙන් හිනා වෙන ගමන් රතු වයින් ඕනෑවටත් වඩා පුරවපු වීදුරුව අවකාශයට ඔසවපු ජිමින් කියනකොට ජිමින් තරම් නොවුනත් , මත් වී උන්නු ටේහ්‍යුන් මද සිනහවක් මුව පුරවාගෙන ඔහු සමග දස වන වතාවටත් සව් දිය පිරුවා.
"අපේ යාළුකම තව තව වැඩි වේ...........වා...."
රතු වයින් වීදුරුව උගුරෙන් පහලට එක හුස්මට යවපු ජිමින් එහෙමම මේසය මත හිස තබාගන්නකොට තමන්ගෙ අතෙ තිබුණ වයින් වීදුරුව පසෙකින් තැබූ ටේහ්‍යුන් මේසය මත හිස තබාගෙන ඉන්න ජිමින් දිහා මොහොතක් බලාගෙන හිටියා.
"ජිමින් ඇ..ස් අරින්න. ජිමින්... ? ජිමින්....?"
"ටේහ්‍යුන්... තව රතු වයින් බෝතලක් ගේන්න... තවත් රතු වයින්..... රතු........"
හීනෙන්නම කියවන ජිමින් දිහා මොහොතක් බලාගෙන හිටපු ටේහ්‍යුන් සුසුමක් හෙලලා ඔහුව නැගිට්ටවලා තමන්ට වාරු කර ගන්නකොට ටේහ්‍යුන්ගෙ උරහිසට ඔලුව තියා ගත්ත ජිමින් මහ හඩින් අඩන්න පටන් ගත්තා
"නටාලියා..... මගේ නටාලියා.. ඇයි මාව දාලා ගියේ නටාලියා.. මගේ Marigold මල , නටාලියා.."
ටේහ්‍යුන් ගෙ උරහිස මත හිස තබාගෙන කියවන ජිමින් දිහා පුදුමෙන් බලාගෙන හිටපු ටේහ්‍යුන් ඔහුගෙ කාමරයේ පසෙකින් උන අපිලිවෙල ඇඳ මත ජිමින්ව දිගා කරනකොට ජිමින් ටේහ්‍යුන්ගෙ අත තදින් අල්වා ගෙන වේගයෙන් ඇසි පිය ගහන්න ගත්තා.
"මම එයාට ආදරෙයි..."
ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බලාගෙන රහසින් මිමිණුව ජිමින් අපිලිවෙල ඇඳ මත විසිරුණු කපලා දාපු පත්තර කඩදාසි වලින් වැසුණු ඇඳ රෙද්ද පොරවා ගන්නකොට ඒ පත්තර කඩදාසි වල මුද්‍රණය කර තිබූ අනූව දශකයේ ප්‍රසිද්ධ උන baggy jeans සහ combat බූට් සපත්තු පැළඳ ගත්ත යුවතියන්ගේ චායා රූප අඩංගු පත්තර කඩදාසි දැක්ක ටේහ්‍යුන්ට නටාලියා සහ ජිමින් ඇත්ත වශයෙන්ම මුණ ගැසිලා තියනවාද කියලා සැකයක් ඇති උනෙ ඔහුගෙ මුහුණෙ සිනාවක් ඇදෙද්දී.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasiaආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...