කිසිවක් නොකිව්ව ටේහ්‍යුන් ඉදිරිය බලාගෙන ඉන්නකොට ජන්කුක් සුරුට්ටුව නැවත වතාවක් දෙතොල් අතර තියාගෙන ලොකු හුස්මක් ගත්තා.
"ටේහ්‍යුන් කැමතිද ටේහ්‍යුන්ට තියන ප්‍රශ්නය මාත් එක්ක බෙදා ගන්න? ටේහ්‍යුන්ගෙ අකමැත්තක් නැති නම්......."
ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන ගමන් මුමුණන කොට කිසිවක් නොකිව්ව ටේහ්‍යුන් ආයෙම වතාවක් ඈත බලාගත්ත නිසා කිසිවක් නොකිව්ව ජන්කුක් එතැන බිම වාඩි වෙනකොට ටේහ්‍යුනුත් ඔහු අසලම වාඩි උනා.
"ජන්කුක්.. ජන්කුක් ට කවදාවත් හිතිලා තියනවාද පිරිමින් ගැන කැමත්තක්"
ටේහ්‍යුන් බර සුසුමක් හෙලලා මිමිණුවාම ජන්කුක් පුදුමෙන් ටේහ්‍යුන් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.
"පිරිමින් ගැන ආදරයක්? ටේහ්‍යුන් අදහස් කලේ Maurice චිත්‍රපටියේ මිස්ටර් හෝල් වගේ අය ගැනද ? ඒ වගේම වෙන පිරිමි කෙනෙක් ඉස්සරහ ගෑණු ළමයි බැලේ ඩාන්ස් වලට ගන්න සායවල් අඳින , තොල් ආලේපන ගාන පිරිමි? තවත් පිරිමියෙක්ව සිපගන්න , තවත් පිරිමියෙක් ගෙ පපුවට තුරුලු වෙලා නිදා ගන්න පිරිමි? ඒ වගේ අය ගැනද ටේහ්‍යුන් කියන්නෙ. හරියට Maurice Hall යි Clive Durham යි වගේ."
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් පුදුමෙන් ජන්කුක් දිහා බලාගෙන හිටියා.
"මම බලලා නැහැ ජන්කුක් කියන චිත්‍රපටිය"
හිමීට මිමිණුව ටේහ්‍යුන් ආයෙම වතාවක් ඈත බලාගන්නකොට ජන්කුක් සුරුට්ටුව දෙතොල් අතරට අරගෙන දුම් රොටුවක් උඩට ඇද්දා.
"ඉතින් ටේහ්‍යුන්? මම කවදාවත් ඒ වගේ දේකට උත්සාහ කරලා නෑ. ඇයි මගෙන් එහෙම ඇහුවේ ටේහ්‍යුන්?"
ජන්කුක් ටේහ්‍යුන් ගෙන් ප්‍රශ්නාර්ථ ව මුමුණන කොට ජන්කුක් දිහා බලලා හිනා උන ටේහ්‍යුන් සුසුමක් හෙළුවා.
"ජන්කුක් මාව අප්‍රසන්න කරයිද මම ඒ වගේ කෙනෙක් කීවොත්. මම වෙනත් පිරිමින්ට ආකාර්ශණය වෙනවා. මට වෙනත් පිරිමින්ව සිප ගන්න හිතෙනවා කීවොත් ජන්කුක් මාව අප්‍රසන්න කරනවාද?"
ටේහ්‍යුන් හිමිහිටි මිමිණූවේ මෙතුවක් කාලයක් තමන් හිතේ හිරකරගෙන රහසක්ව තියාගෙන හිටපු ඒ හැගීම් එකින් එක ජන්කුක් ඉදිරියේ දිග අරිනකොට. ජන්කුක් තමන්ව කොයි විදියට පිලි ගනියිද කියලා ටේහ්‍යුන් නොදැන සිටියත් ජන්කුක් ඉදිරියේ තමන්ගෙ රහස දිග අරින්න හිතුනේ මන්ද කියලා ටේහ්‍යුන් නෑ දැනගෙන හිටියේ.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasiaආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...