මසකට පසු
වයලීන් බෑගය උරහිසේ එල්වා ගත් ටේහ්‍යුන් විශ්ව විද්‍යාලහි දේශනය අවසන් වූ වහාම නැවතත් ඔවුන්ගෙ නිවස වෙත ඒමට තනිවම පිටත් උනේ ජන්කුක් ට හවස් වරුව වෙනකම්ම පුහුණු වීම් යෙදී තිබුණු නිසා. කවදාටත් වඩා සතුටින් එදින රාත්‍රී ආහාරය සඳහා ජන්කුක් කැමතිම ආකාරයට බිම්මල් සුප් පිලියෙල කරන අයුරු ගැන කල්පනා කරමින් ටේහ්‍යුන් පාර දිගෙ ඇවිද ආවේ තමන් එක්කම හිනා වෙන ගමන් ඔහුගෙම ලෝකයක ගිලිලා.
"ටේහ්‍යුන්....?"
තරමක් හුරු පුරුදු කටහඩක් ඇහුණු ටේහ්‍යුන් ගමන අතර මග නවතා දමා ඒ වෙත හිස හරවා බලද්දී ඔහු දුටු දර්ශනයෙන් පුදුමයට පත් උන ඔහු වේගයෙන් ඇසි පිය ගසමින් ඒ දෙස බලාගෙන හිටියා.
"ජිමින්?"
"ටේහ්‍යුන් මගෙ පරණ මිත්‍රයා!"
ඔහු වෙත මාවතෙ කොනෙක සිට දිව ආ ජිමින් ටේහ්‍යුන්ගෙ උරහිස වටා දෑත් පටලවා ගනිද්දී ටේහ්‍යුන් ජිමින් දෙස බැලුවේ සිනා මුසුව.
"ජිමින් ගොඩ කාලෙකින්"
"වෙනත් පදිංචියකට යනකොට අපිට කියලාවත් යන්න එපා. ටේහ්‍යුන් සහ ජන්කුක් කාමරය හැරදාලා ගිහින් කියලා මම දැන ගත්තේ ගොඩනැගිලි අයිතිකාරයා ගෙන්."
ජිමින් අමනාපය මුසු හඩින් ටේහ්‍යුන් දෙස කෝපයෙන් රවා බලමින් මුමුණනකොට ටේහ්‍යුන් ආයාසයෙන් සිනහවක් නැගුවා. ඔවුන් පිටත් වූ දිනයේ ටේහ්‍යුන් හට ජිමින්ගෙන් සමු ගන්න අවශ්‍ය උනත් ජන්කුක් ඒ සදහා කොහෙත්ම අවසර නොදුන්න එක ටේහ්‍යුන්ට පුදුමයක් උනත් ඔහුට ඒ පිලිබඳ තවදුරටත් ජන්කුක් සමග වාද කරන්නට ඇවැසි නොවූ නිසා ටේහ්‍යුන් ජන්කුක් හා එකග උනා. ජිමින්ගෙ කණගාටුදායක මුහුණ දෙස බැලූ ටේහ්‍යුන් එදින ජන්කුක් ට විරුද්ධ වී ජිමින් ගෙන් සමු ගන්නට තිබුනා යැයි ඔහු පසුතැවුනා.
"මට සමාවෙන්න ජිමින්. අපි ලොකු කලබලයකින් හිටියෙ"
ටේහ්‍යුන් අපහසුවෙන් මුමුණන ගමන් සමාව ඉල්ලනකොට ජිමින් යලිත් වතාවක් දෙතොල් අතරට සිනහවක් නගා ගෙන ටේහ්‍යුන් දෙස බැලුවා
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasíaආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...