තමාගේ තුරුලෙ රාත්‍රිය පුරාවට ඉකි ගැහුව ටේහ්‍යුන්ට සමුදුන්න ජන්කුක් පසුවදා උදෑසනම සිය දෙමාපියන්ගේ නිවස වෙත ගියේ තමාගේ සීයා මුණගැසීමට. ඔහු සිටියේ අසාධ්‍ය තත්ත්වයක වග දැන සිටි ජන්කුක් ට සිය දෙමාපියන්ගෙ ඉල්ලීම පසෙක දැමීම සැබවින්ම කල නොහැක්කක් වූවා.
නිවස වෙත සිය රථය ධාවනය කල ජන්කුක් නිවස ඉදිරිපිට රථය නවතා විත් විශාල , වටිනා ලීයෙන් නිර්මාණ කල කැටයම් එබ්බවූ දොර ඉදිරිපස සිටගෙන සීනුව නාද කලා.
"ජන්කුක්... අන්තිමේදී..."
ජන්කුක් ගැසූ සීනුවට ප්‍රතිචාරයක් ලෙස ඔවුන්ගෙ ශේහි දොර විවෘත කරද්දී ජන්කුක් ඈ දෙස බැලුවා.
"ශේහි මොකද මෙතන කරන්නෙ?"
"මගේ අනාගත සැමියාගෙ නිවසේ ජීවත් වෙන්න දැන් සිට පුහුණු වෙනවා"
ඈ සිනාසෙමින් ජන්කුක් දෙස බලාගෙන මුමුණද්දී ,ඈ ජන්කුක් ගෙ පපුව මතින් තිබූ ඇගෙ අත ඉවත් කල ජන්කුක් පාවහන් ඉවත් කර , ඈ දෙස නොබලා නිවසට ඇතුළු වෙද්දී ජන්කුක් ගෙ මවත් පෙරට ආවා.
"ජන්කුක්...."
"මම ආවේ සීයාව බලන්න. එතනින් එහා දෙයක් ගැන කතා කරන්න මට උවමනා නැහැ"
ජන්කුක් තදින් සිය මවට කියද්දී ඔහු දෙස මොහොතක් බලා සිට ඈ හිස සැලූයෙන් ජන්කුක් සීයා සිටින කාමරය වෙත ඇවිද ගියා.
_____
ඒ වෙන කොට පැය දෙකක් පමණ ගත වී තිබුනත් ජන්කුක් දැනගෙන හිටියේ නෑ යලි ටේහ්‍යුන් වෙත යන්නෙ කෙසේද කියලා. පැයට කලින් ජන්කුක් තමන් කුඩා කල සිට බොහොම ආදරය කල සීයා මුණගැසුණු අතර , ඔහු බලාපොරොත්තු වූ උණුහුමින් හා ආදරයෙන් පිරි පිලිගැනීම වෙනුවට ඔහුට ලැබුණෙ කම්මුල් පහරක්. සිය දෙමාපියන් ජන්කුක් ගෙ 'අශිෂ්ට' හැසිරීම පිලිබඳ ඔහුට පවසා තිබුණ අතර ඔහු ජන්කුක් ට බැන වදිමින් ඇයැදියෙ ඔහු මරණයට ඉතා ආසන්න වගත් ඔහුගෙ මරණයට පෙර ජන්කුක් සහ ශේහි එක් වනු දකිනු රිසි බවයි.
එක් අතකින් කුඩා කල සිටම ආදරය කල තමන්ගෙ සීයා. නිදන් ගත හෘදයාබාධ තත්වයකින් පෙලන ඔහුගෙ ජීවිතය අවිනිශ්චිත වග ජන්කුක් දැන සිටියෙන් ඔහුට සුලු හෝ කම්පනයක් නොදැනීමට ජන්කුක් ශේහි හා විවාහ වන වගට ඔහුට පොරොන්දු දුන්නත් ජන්කුක් දැන ගෙන හිටියෙ නැහැ ඔහු එය කෙසේ කරන්නද කියලා.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasyආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...