නවවන කොටස

775 259 109
                                    

මූසල කමක් තමන්ගෙ හිතට දැනෙනකොට සීතල පොලොව මත ගුලි වෙලා නින්දට වැටුන ටේහ්‍යුන් අවධි උනේ ඇස් දෙක අතින් පොඩි කරන ගමන්.

එක් වරම තමන් සීතල පොලවක් මත ඇහැරෙනකොට තමන් ඉන්නෙ කොතනද කියලා සිහි නොවුනත් හිමින් හිමින් සිදුවීම් පෙල එක දිගට සිහියට නැගෙනකොට ටේහ්‍යුන් හිමිහිට වට පිට බැලුවා. ඔහු දුටුවේ රූපවාහිනිවේ කලු සුදු පටි අතර අශ්ව රේස් වල යෙදෙන පුද්ගලයන් අඳින වර්ගයේ වස්ත්‍රයක් ඇඳගෙන හිටපු ජන්කුක්.

වෙනදා තොල් අතර තියන සුරුට්ටුව වෙනුවට අද තොල් අතර තිබුණු දුම් බටය මේසය උඩින් තිබ්බ ජන්කුක් තමන්ගෙ ගමන් මල්ල ඇතුලට ලියකිවිලි කිහිපයක් වගේම මුදල් පසුම්බිය හා ගිනි පෙට්ටිය සහ සුරුට්ටු පෙට්ටියක් දමාගෙන බිම ඉඳගෙන තමා දෙස බලාගෙන ඉන්න ටේහ්‍යුන් දෙස බලලා කට කොනකින් හිනාවක් නැගුවා.

"මම යනවා"

මිමිණුව ජන්කුක් පසෙක තබලා තිබුණු දුම් බටය නැවතත් තොල් අතරට අරගෙන ලොකු හුස්මක් ගන්නකොට ටේහ්‍යුන් ජන්කුක් ගේ මනා පෞර්ෂත්වය දිහා ඇස් පිය නොහෙලා බලාගෙන හිටියා.

පලල් උරහිස් , ජෙල් ගාලා සකස් කරපු යන්තමින් මුහුණට වැටුනු නමුත් පසුපසට කර පීරුව හිසකෙස් , කලු පැහැති දෑස් , දෙතොල් අග ඇඳි සිනහව

ටේහ්‍යුන් ජන්කුක් තුලින් නියම පිරිමියෙක් දුටුවා. ඔහුගෙ පියා හැමදාමත් බලාපොරොත්තු උන විදියේ නියම පිරිමියෙක්.

ජන්කුක් දෙස බලාගෙන යන්තම් හිස සැලුව ටේහ්‍යුන් දෙසට සම්ච්චල් සහගත බැල්මක් යොදපු ජන්කුක් කාමරේ දොර ගාවට ඇවිදගෙන ගියා.


"මම යනවා. මතක තියාගන්න කාමරේ දොර අගුල් දාන්න එපා. තේරුනාද?"

ජන්කුක් දැඩි හඬකින් කියනකොට ටේහ්‍යුන් ඉක්මනින් උනන්දුවෙන් ඔලුව වැනුවේ ඔහුට ජන්කුක් ඉස්සරහ තමන් කිසිම වැඩකට නැති පුද්ගලයෙක් කියලා දැනෙනකොට. ජන්කුක් ගෙ පෞර්ෂත්වය එක්ක තමන්ට හැරෙන්නවත් නොහැකි කියන තේරෙනකොට ටේහ්‍යුන්ට දැණුනෙ ජන්කුක් ගැන එක්තරා විදියක ඊර්ෂියාවක්.

Dear Athens | TK ✓Where stories live. Discover now