"තාත්තා... තාත්තා මේ දොර අරින්නකෝ... අම්මා අනේ මාව ඇතු...ලට ගන්න.. අනේ දොර අරින්න දෙවියනේ... ම...ම කොහෙ කියලා යන්නද... අනේ.."
දොරට ගහන ගමන් කෑ ගහපු ටේහ්‍යුන් එතැනම දණින් වැටිලා දොරටුවට හිස තියාගෙන අඬා වැටුනේ ආයෙමත් ඒ ද්වාරය ඔහු වෙනුවෙන් විවෘත වෙන්නෙ නෑ කියලා දැන දැනමයි
"අ...ම්...මා"
තමාටම මුමුණා ගත්ත ටේහ්‍යුන් තමන්ගෙම කම්මුලට තදින් වේගයෙන් පහරක් එල්ල කරගත්තෙ තමන් ගැනම දැනුන කෝපයට.
"ඇයි අනිත් තරුණයො වගේ වෙන්න බැරි උනේ... ඇයි..? ඇයි...? කියන්න මට.. උත්තර දෙන්න මට.. ඇයි වෙනස් උනේ.. ඇයි? ඇයි?"
තමාගෙම කම්මුල් හරහා අත දිග ඇරලා ගහන පහරවල් නිසා ඔහුගෙ කම්මුල් රත් පැහැ ගැන්වෙන කොට ටේහ්‍යුන් එතැනම ගුලි වෙලා දොරට හේත්තු වෙලා පැය භාගෙකට ආසන්න කාලයක් අඩා වැටුනෙ තමන්ව ආයෙමත් ඇතුලට ගනි කියන පුංචි ම හෝ බලාපොරොත්තු වක් ඇතිව.
''එයාලට තමුන්ව එපා ටේහ්‍යුන්. තමුන් පවුකාරයෙක්... මේ ලෝකෙ ඉන්න සුදුසු නැති පවුකාරයෙක්. මැරිලා යන්න ටේහ්‍යුන්.. මැ...රිලා යන්න."
කාලය ගත වෙනකොට ඒ දොරටුව ආයෙමත් විවෘත වෙන්නෙ නැති වග වටහා ගත් ඔහු තමන්ටම මුමුණා ගත්තෙ , තමන්ටම ඒත්තු ගන්වන්න වගේ.
"මම ය....න්...නම්. ආයේ මං නි..සා පවුලෙ උදවි...ය ලැජ්ජා වෙන්...නෙ නැති වෙයි.."
"මගේ පවුල හා නිසා නින්දා විඳිනවා නම් , ලැජ්ජා වෙනවා නම් අසල්වැසින්ගෙන් , ලෝකයෙන් තවත් ඉන්න උවමනා නැහැ මට"
හිතට ධෛර්යය වඩවන් ලොකු හුස්මක් අරගෙන තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් දෙතොල් සපාගෙන ගේට්ටුවෙන් එලියට ඇවිදගෙන ගියේ කඳුලු බිඳු දෑස් වලින් කඩාගෙන වැටෙද්දී
"අඬන්න එපා ටේ...හ්‍යුන්.. පිරිමියෙක් වගේ ඉන්...න.. අඬන්..න එපා.."
"පිරිමින් අඩන්නෙ නෑ.. මතක....ද ටේහ්‍යුන්ගෙ තාත්තා කීවා... අඩන්න එපා.. ඉව..සන් ඉන්න ටේහ්‍යුන්!!"
තමන්ටම මුමුණා ගත්ත ඔහු ඉබා ගාතෙ ඔහේ ඇවිද ගෙන ගියේ යන්න කියල තැනක් මතක් නොවුන තැන.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasyආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...