හය වන කොටස

785 260 84
                                    

වේගයෙන් වාහනය ඉදිරියට පදවගෙන ගියපු ජන්කුක් ගේ ඇස් දෙක ඒ වන විටත් කෝපයෙන් රත් පැහැ ගැන්විලා තිබුනේ ඔහුගෙ හිතේ ඇති වෙලා තිබුනු තමන්ගෙ පවුලෙ උදවිය ගැන කේන්තියට.

වේගයෙන් වාහනය ඉදිරියට අරගෙන ගියපු ජන්කුක් එක වරම තිරිංග තද කලෙ පාර හරහා පැනපු මහලු ස්ත්‍රියක් එක්වරම දැකපු නිසා.


"මොන සිහියෙන්ද යන්නෙ... පාර බලාගෙන යනවා.."

වාහනයේ කවුලුවෙන් හිස පිටතට දාපු ජන්කුක් අත ඉදිරියට දිග් කරලා ඈට කෑ ගහන ගමන් ආයෙමත් වාහනය පණ ගැන්නුවත් ඔහුට අවශ්‍ය උනේ හිත නිදහස් කර ගන්න. තවත් ඉදිරියට ගියොත් ලොකු අනතුරක් සිද්ධ වෙනවා කියලා වටහා ගත්ත ජන්කුක් කිසිවක් නොපවසා වාහනය හිමිහිට පසෙක තිබුන උද්‍යානයට අයින් කරපු ජන්කුක් දොර තද කරලා වහලා දාලා , වාහනයේ යතුර සාක්කුවේ දාගෙන උද්‍යානයට ඇවිද ගෙන ගියේ සාක්කුවේ අත් දෙක රුවාගෙන.

___

උද්‍යානයේ ඒ මේ අත හිත නිදහස් කරගන්න  ඇවිදිමින් හිටපු ජන්කුක් දුටුවේ සුන්දර අලංකාර පොකුණක් වගේම ඊට එහාපැත්තෙ තියන බංකුව උඩ කකුල් දෙක පපුවට ගුලි කරගෙන ඉඳගෙන ඉන්න තරුණයෙක්.


මොහොතක් ඒ දිහා බලාගෙන හිටපු ජන්කුක් කිසිදු හැගීමක් නැතිව එතැනට ගිහින් ඉඳ ගත්තෙ ඔහු දෙස බලන ගමන්. තාමත් කකුල් දෙක පපුවට ගුලි කරගෙන ඉන්න ඒ තරුණයා දිහා අමුතුවට බලපු ජන්කුක් තමන්ගෙ සාක්කුවට අත දාලා සිගරට්ටුවක් ඇඟිලි අතර හිර කර ගත්තා.



"සමාවෙන්න.. මම මේක පාවිච්චි කලාට කමක් නැද්ද?"

ජන්කුක් ඔහු දෙස බලන ගමන් විමසුවත් ඔහුට එය ඇසුනෙ නැතැයි ජන්කුක් අනුමාන කළේ ඔහුගෙන් ප්‍රතිචාරයක් නැති තැන.

"මේ... මම ඔයාට කතා කරන්නෙ.."

ජන්කුක් ටිකක් තදින් වගේම හයියෙන් කියනකොට දෙපා අතර මුහුණ හංගගෙන හිටපු ඔහු ඔලුව උස්සලා ජන්කුක් දෙස බලනකොට කඳුලින් තෙමී ගිය ඔහුගෙ කම්මුල් වගේම රත් පැහැ ගැන්වුන ඒ දෑස් ඔහු නොසෑහෙන්න අඬා ඇති බවට සාක්ෂි කියා පෑවා.

Dear Athens | TK ✓Where stories live. Discover now