විසි එක් වන කොටස

741 219 146
                                    

ජන්කුක් සමග ගිය දීර්ඝ සංචාරය අවසානයේ දවාල සඳහා ආහාර පිටින්ම ලබාගත්ත ටේහ්‍යුන් , ජන්කුක් සමග වයලීන් වාදනය පුහුණු කරන ආයතනයකට නම් ලබා දෙන්න ගියේ ටේහ්‍යුන්ගෙ හීනය කෙමින් කෙමින් ශක්තිමත් වෙන වග දැනෙන සතුටට ටේහ්‍යුන් ගෙ මුහුණ පුරාවට සිනහව පැතිරෙනකොට.

හවස් වරුව පහු වෙලා කලුවර වැටෙනකොට ඔවුන් ට අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් වගේම ඉස්තරම් රාත්‍රී ආහාරයකුත් මිලදී ගෙන ටේහ්‍යුන් සමග නැවත වතාවක් ඔවුන්ගෙ සුපුරුදු නවාතැන වෙත ගිය ජන්කුක් , කාමරය ඇතුලට ඇතුලු වෙලා ටේහ්‍යුන් දිහා බලලා හිනා උනා.


"මගෙ පුංචි තරුව..."

කාමරය ඇතුලට ටේහ්‍යුන් ආව ගමන්ම එක අතකින් දොර වහපු ජන්කුක් මේසය මත උන ලාම්පුව දල්වලා ටේහ්‍යුන්ගෙ බඳින් අල්ලලා ඔහුව තමන්ගෙ ශරීරයට තද කර ගන්න ගමන් ජන්කුක් කීවෙ ටේහ්‍යුන් ඔහුගෙ අත් ජන්කුක්ගෙ පපුව මත තියාගෙන හිනා වෙනකොට.


"ජන්කුක්."

තමන්ගෙ දෙතොල් මත පුංචි හාදුවක් තැවරුව ජන්කුක් දිහා බලලා සිනහවකින් සංග්‍රහ කල ටේහ්‍යුන් හිමීට මුමුණනකොට ජන්කුක් ඔහුගෙ මුහුණට වැටුනු හිසකෙස් පසුපසට කලා.



"අද රෑ... ටේහ්‍යුන් ට අමතක නොවෙන රාත්‍රියක් කරන්න ද මම"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ කන ලගට දෙතොල් ලං කරලා මුමුණන කොට තමන්ගෙ කම්මුල් රත් පැහැ ගැන්වෙන කොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා ලැජ්ජාවෙන් හිනා උනා.


"ජන්කුක් එක්ක ගත කරන හැම මොහොතම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ"

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා හිනා වෙනකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ කම්මුල් මත දෙතොල් තිබ්බා.


"මේ කම්මුල්... ඉස්තරම් වර්ගයේ Rose wine වලට රෝස පෙති ඕනෙවටත් වඩා එකතු කරලා වගේ.. මගෙ තොල් ටේහ්‍යුන් ගෙ කම්මුල් වලින් ගන්න හිතෙන්නෙ නැහැ මට"

ටේහ්‍යුන් පැවසුව දෙය සම්පූර්ණයෙන්ම නොසලකා හැරපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ කම්මුල් දිගෙ තමන්ගෙ දෙතොල් අරන් යනකොට ටේහ්‍යුන් ලැජ්ජාවෙන් හිනා උනා.



Dear Athens | TK ✓Where stories live. Discover now