තිස් හය කොටස

594 198 112
                                    

ටේහ්‍යුන් ග්‍රීසියෙ ප්‍රධාන තුරඟ තරඟාවලිය වන පයිතියන් තුරඟ තරඟාලියෙ අවසන් වටය සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩකයන් තරඟ බිමට ප්‍රවිශ්ඨ වන අයුරු බලා උන්නා. ගත වූ දින දෙක තුල පලමු , දෙවන ,තෙවන , සතරවන , පස් වන ආදී වට වල ටේහ්‍යුන් ගෙ ආදරය ජන්කුක් ජ්‍යාග්‍රහනය ලබද්දී ටේහ්‍යුන් ගෙ දෑසින් සතුටු කඳුලු ගලා ගියා. අවසන් වටය සඳහා සුදුසුකම් ලදව ඔහු ඔහුගෙ කලු පැහැ අසු පිට අසුන් ගෙන තරඟ මධ්‍යයට නිවේදනය සමග ගමන් ගත්තා.


"දෙවියනි , ජන්කුක් ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න"

ටේහ්‍යුන් නිරාවරණය වූ නිල් පැහැති ආකාසය දෙස බලමින් දෙවියන් යැද්දෙ කඳුලු පුරවාගෙන. සතියක කාලයක් ජන්කුක් නැතිව තනිවම ගත කල ඔහු හට ජන්කුක් සමග වචනයක් හෝ කතා නොකලත් , මෙලෙස හෝ ඔහුව දැක ගැනීමට ලැබීමම සතුටක් වූවා.

දෙතොල් තෙත් කරගනිමින් කලබලෙන් පපුව මත ඇගිලි බැඳ ගෙන සිටි ටේහ්‍යුන්, සූදානම් වූ ක්‍රීඩකයන් හට තරඟය ආරම්භ කිරීමට දුන් වෙඩිලි හඩ සමග නොසන්සුන් ව ගැහෙන්නට වූවා.

දහස් ගණනාවක් ප්‍රේක්ෂක ඔල්වරසන් මැද, ක්‍රීඩකයන්ගෙ නම කියා තරග භූමිය දෙවනත් වද්දී ජන්කුක් ඉදිරියට අසු පැදෙව්වා.








ඊළග තීරණාත්මක නිමේෂය අවසන් වූයේ සිටගෙන සිටි ටේහ්‍යුන් වේගවත් සුසුමක් හෙලමින් අසුන මතට ඇද වැටෙද්දී.

"ජන්කුක්... මගෙ ජන්...කුකී ඒක කලා..!!"

මාස ගනනාවක ජන්කුක් ගෙ කැපවීම මොහොතකින් මල් පල ගැන්වෙද්දී ,ටේහ්‍යුන් වෙව්ලන හඬින් තමාටම මුමුණා ගත්තෙ දරා ගත නොහැකි තරමටම දැනුන අධික ප්‍රීතියට. ඔහුට හැකි වූවා නම් තරඟ බිමට දිව ගොස් ජන්කුක් ව වැලඳ ගෙන ඔහුව සිප ගන්නට ඔහු එය කරන්නට ඉඩ තිබුනා. කිසිවක් නොකියා තමාගෙ පපුව තදින් මිරිකා ගනිමින් ටේහ්‍යුන් අසුනින් නැගී සිට මදක් ප්‍රේක්ෂකාගාරයෙ ඉදිරියට දිව ගොස් ජ්‍යාග්‍රහනය සමරමින් පිටිය පුරා අසු පදවන ජන්කුක් දෙස බලා සිටියා.


"ජන්කුකී.."

ටේහ්‍යුන් තොල් මැතිරුවේ එක් නිවේෂයකට , නැති නම් ටේහ්‍යුන්ට දැණුනෙ එලෙසයි. එක් නිවේෂයකට ජන්කුක් ගෙ හා ඔහුගෙ දෙනෙත් යාවෙද්දී. එදා දුටු සෙනෙහසම පියවි ඇසට ග්‍රහණය කර ගත නොහැකි තරම් මොහොතෙ ගැටුණු ඒ දෑස් වල ටේහ්‍යුන් දුටු බව ටේහ්‍යුන් විශ්වාස කලා.

Dear Athens | TK ✓Where stories live. Discover now