පසුදා උදෑසනම ඉක්මනින් හැඳ පැලඳ සූදානම් උන ජන්කුක් සහ ටේහ්‍යුන් , ජන්කුක්ගෙ බලකිරීම මත වාහනයට නැග්ගෙ මුහුණ අකුලගෙන.
"ජන්කුක්.. මට කියන්න. අපි කොහෙද යන්නෙ?"
වානයේ පසුපස අසුනට තමන්ගෙ වයලීන් බෑගය දමපු ටේහ්‍යුන් මුමුණනකොට ජන්කුක් අනෙක් පසින් විත් රියදුරු අසුන මත අසුන් ගත්තා
"ටික වෙලාවක් ඉවසන්න my love. මගෙ පුංචි පුදුම කිරීම වෙනුවෙන්"
ටේහ්‍යුන් ගෙ සිනිදු කම්මුල් මත ඇගිලි තුඩු යවපු ජන්කුක් ටේහ්‍යුන් ගෙ යටි උදරය මතට ඔහුගෙ නිදහස් අත ගෙන ගියා.
"මට සමාවෙන්න ටේහ්‍යුන්. රැයවල් දෙකක් එක දිගට මම ටේහ්‍යුන්ට රිද්දලා ටේහ්‍යුන්ගෙන් සතුටු උනා"
ජන්කුක් කණගාටුවන ස්වරයෙන් මුමුණන කොට තමන්ගෙ යටි උදරය මත තියන ජන්කුක් ගෙ හස්තය තදින් ග්‍රහනය කරගෙන තමන්ගෙ පපුව මත තබා ගත්ත ටේහ්‍යුන් ජන්කුක් එක්ක හිනා උනා.
"මම කිව්වනේ. මම කැමතියි ජන්කුක් ඒකට. මම කැමතියි ජන්කුක් මගෙ ඇතුලතින් දැනෙනවට"
ක්ෂණිකව රත් පැහැ වෙන ගමන් මිමිණුව ටේහ්‍යුන් ජන්කුක් ගෙ දෙතොල් අතර නැගි සිනහව මග ඇරලා දෑස් බිමට නැඹුරු කර ගන්නකොට ටේහ්‍යුන්ගෙ හිස සිනිදුව ස්පර්ශ කල ජන්කුක් වාහනය පණ ගැන්නුවා.
"අපි යමු . My red maple , my love . මගෙ පුංචි පුදුම කිරීම බලන්න"
මුමුණපු ජන්කුක් වාහනය මාවත වෙත පදවනකොට වාහනයේ අසුනට හේත්තු උන ටේහ්‍යුන් මාවත වෙත අවධානය යොමු උන ජන්කුක් ගේ මුහුණ දෙස ඇස් පිය නොහෙලා බලා උන්නා.
සංසුන්ව හිමිහිට ඇසි පිය හෙලෙන චංචල බවක් ගෑවී හෝ නොමැති දෑස් , මුහුණට වැටුනු තරමක් දිගට වැටුනු හිස කෙස්, තද උන දෙතොල් හැමදාමත් වගේ ජන්කුක් ගේ තිබුණු ඉහළ පෞර්ෂත්වය ටේහ්‍යුන්ගෙ හිතේ හැඟීම් වඩවන්න සමත් වෙනකොට ජන්කුක් තමන්ගෙ උකුල මත තබාගෙන හිටපු ඔහුගෙ නිදහස් අත අරගෙන ඒ මත දෙතොල් තබපු ටේහ්‍යුන් තමන් දිහා හැරිලා බලපු ජන්කුක් එක්ක ලැජ්ජාවෙන් හිනා උනා.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasíaආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...