විසිවන කොටස

723 223 115
                                    

"ටේහ්‍යුන්.. මට විශ්වාසයි මගෙ ටේහ්‍යුන්ට පුලුවන් ඒ දේ කරන්න... "

"ජන්කුක් එහෙම හිතනවා ද?  ජන්කුක් දන්නවා ද තනිකමක් දැනෙනකොට මම අහස දිහා බලාගෙන අහසෙ තරුවලට මුමුණනවා මට දැනෙන පාලුව ගැන. වයලීනයෙන් නැගෙන තනු මගෙ තනිකමට බෙහෙතක් ජන්කුක්. ඒ නැගෙන හැම තනුවක් තනුවක් ගානෙම මාව නිවනවා"

ටේහ්‍යුන් මුමුණන කොට ජන්කුක් ටේහ්‍යුන් ගෙ මුහුණට වැටුන හිස කෙස් අතින් පසුපසට කරන ගමන් ඔහුත් සමග සිනා උනා.


"ටේහ්‍යුන්ට වයලීනයක් තියනවාද?"

"ඔව් ජන්කුක්. මගෙ ගෙදර වයලීනයක් තියනවා , මගෙ ආච්චි අම්මා මට අරන් දුන්නෙ"

ටේහ්‍යුන් හිමිහිට බිම බලන ගමන් මුමුණනකොට ජන්කුක් නැගිටලා ටේහ්‍යුන් වෙත අත දිගු කලේ ටේහ්‍යුන් ඔහු දිහා පුදුමෙන් බලාගෙන ඉන්නකොට.


"ජන්කුක්.."

"මට පාර කියන්න ටේහ්‍යුන්.. අපි ටේහ්‍යුන් ගෙ ගෙදර යමු. ගිහිල්ලා ටේහ්‍යුන් ගෙදර තනි කරලා දාව ආව ටේහ්‍යුන් ගෙ සැනසීම අරගෙන එමු"

ජන්කුක් හිමීට මුමුණන කොට ටේහ්‍යුන් ගෙ දෑස් චංචල බවින් කැලඹුනේ ඔහු ජන්කුක් දිහා විසල් කොට ගත් දෙනෙතින් බලාගෙන ඉන්නකොට.


"ජන්කුක්.... මාව ඇතුලට ගන්න එකක් නෑ.. මාව එලවයි.. එහෙම නේද?"

"අපි යන්නෙ ටේහ්‍යුන්ගෙ ආච්චි අම්මා ටේහ්‍යුන්ට අරන් දුන්න සැනසීම ආයෙමත් අරගෙන එන්න. ටේහ්‍යුන් අයිතිය වෙනුවෙන් නැගී සිටින්න කොයි මොහොතක වත් බය වෙන්න එපා...."

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන අත දිග් කරනකොට කිසිවක් නොකී ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත උඩින් තමන්ගෙ අත තිබ්බෙ බිමට හිස නැඹුරු කරගෙන.


"ඉතින් එන්න මගෙ රතු මේපල් ගහ.."

ජන්කුක් හිමිහිට මුමුණනකොට ආයාසයෙන් සිනහවක් නගාගෙන නැගිට්ට ටේහ්‍යුන්ගෙ අත තදින් අල්ලා ගත්ත ජන්කුක් ටේහ්‍යුන් එක්ක ඔවුන්ගෙ වාහනය නතර කරපු තැනට ඇවිදගෙන ගියේ ටේහ්‍යුන් ජන්කුක් ගෙ පස්සෙන් වැටෙනකොට.

Dear Athens | TK ✓Where stories live. Discover now