"ජන්කුක්... ගන්න..."
විනාඩි කිහිපයක් යන්නට කලින් , නාන කාමරයේ තිබුන හීටරය ආධාරයෙන් වතුර අවශ්‍ය ප්‍රමාණයට රත් කර ගත්ත ටේහ්‍යුන් එය වීදුරු බෝතලයකට දාලා රෙදි කඩකින් ඔතලා ජන්කුක් වෙත ගෙනත් දෙනකොට තවමත් ඇඳ මත දිගා වෙලා හිටපු ජන්කුක් හිමීට හිස හරවලා ටේහ්‍යුන් දිහා බැලුවා.
"ජන්කුක්ට අමාරුයි නම් මම...... තවන්නද?"
කෙඳිරිලි හඬක් පිට කරන අතර තුර ඇඳ මත ඉඳ ගත්ත ජන්කුක් අසල අසුන් ගන්න ගමන් ටේහ්‍යුන් මුමුණන කොට ජන්කුක් ටේහ්‍යුන්ට උත්තරයක් නොදී ඔහු දිහාම බලාගෙන හිටියෙ නිශ්ශබ්දව.
"මට ඒක කරදරක් නෙවේ ජන්කුක්. උදව් කරන්න ලැබුන එක මට සතුටක්."
ආයෙම වතාවක් ටේහ්‍යුන් මුමුණකොට සුසුමක් හෙලපු ජන්කුක් හිමීට හිස සැලුවා ම ටේහ්‍යුන් ජන්කුක් ලගට ලං වෙලා ජන්කුක් ගෙ නලල මත රෙදි කටක ඔතපු උණු වතුර බෝතලය තියනකොට ඇස් පියා ගත්ත ජන්කුක් සුසුමක් හෙළුවා.
විනාඩි කිහිපයක් තිස්සෙ ටේහ්‍යුන්, ජන්කුක් ගෙ නළල තවනකොට ටේහ්‍යුන් ට දැණුනෙ ජන්කුක් ගෙ හුස්ම තමන්ගෙ මූණේ වැදෙන වග.
ජන්කුක් ගෙ උණුසුම් හුස්ම තමන්ගෙ මුහුණෙ වැදෙන කොට ටේහ්‍යුන් ට දැණුනෙ තමන්ගෙ පිට දිගේ ගලාගෙන යන සීතල.
"ටේහ්‍යුන්"
ජන්කුක් ඇහෙන නෑහෙන ගනනට ටේහ්‍යුන්ට මුමුණන කොට ටේහ්‍යුන් හිමිහිට තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා.
"ජන්කුක්?"
"ඇයි මට උදව් කරන්නෙ ටේහ්‍යුන්? ටේහ්‍යුන් හිතන් ඉන්නෙ මට ටේහ්‍යුන් වගේ කෙනෙක් ගෙන් උදව් අවශ්‍ය වෙන තරමට මම පහත් තත්වයට වැටිලා කියලාද?"
ජන්කුක් ටේහ්‍යුන් ගෙ මුහුණට සමීප වන ගමන් අනුකම්පා විරහිත ව මුමුණන කොට උණු වතුර බෝතල පහතට දාපු ටේහ්‍යුන් හිමීට බිමට හිස නවා ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන් ගෙ බඳ වටා දෑත් පැටලෙව්වා.
"ටේහ්‍යුන්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා."
"මම දන්නෙ නෑ ඇයි මම ජන්කුක් ට උදව් කරන්නෙ කියලා."
YOU ARE READING
Dear Athens | TK ✓
Фэнтезиආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...