"ජ..ජන්කුකී..."
පපුව අතින් තෙරපන ගමන් බිම වැටුනු ටේහ්‍යුන් මහ හඬින් ඉකි ගැසුවේ තමන්ගෙ පපුව පසාරු කරගෙන තියුණු ආයුධයකින් පහර දුන්නාක් වැනි හැඟීමක් ඔහුට දැනෙද්දී.
"ජන්කුක්... ම...මගෙ ජන්කුක්.. ජ.. ජන්කුක්. මම කොහොමද ජන්කුක් නැතුව ජීවත් වෙන්නෙ ජන්කුක්. කවදාවත් එක් වෙ...න්න බැරි නම් දෙවියන් වහන්සේ අහිමිව යන ආදරයක් මුණ ගැස්සුවේ... ඇයි... ඇයි දෛ..වය එච්චර නපුරු උනෙ.."
ටේහ්‍යුන් පැය භාගයකට ආසන්න කාලයක් පොලොව මත ගුලි වෙලා ඉකි ගහද්දී අහස ටේහ්‍යුන් වෙනුවෙන් හෙන පුපුරවමින් හඬා වැටුණා.
සීතල පොලොව මත ගුලි ගැහිලා හිටපු ටේහ්‍යුන් අපහසුවෙන් නැගිට්ටෙ සිහි කල්පනාවක් නැතිව. ඉකි ගහන ගමන් බිත්ති අල්ලාගෙන නාන කාමරය වෙත ඇවිදගෙන ගියපු ටේහ්‍යුන් දර්පණයෙන් පෙනෙන තමන්ගෙ චායාව දිහා බලාගෙන ඉකි ගැහුවා.
"ඇයි... අත්හරින්න බැරි තරමටම මම ආදර...යෙන් බැඳුණෙ..."
දර්පණයෙන් පෙනෙන රුවට මුමුණපු ටේහ්‍යුන්ගෙ දෑස් යොමු උනෙ මූණ සෝදන බේසම රැවුල කැපීම සඳහා භාවිතා කරන උඩ බ්ලේඩ් තලය. බ්ලේඩ් තලය අතට ගත්ත ටේහ්‍යුන් අල්ලට තද කර ගනිද්දී ටේහ්‍යුන් ට වේදනාවක් නොදැනුනත් නාන කාමරයෙ පොලව පුරා ටේහ්‍යුන් ගෙ රුධිරය රටා මැවුවා.
"ජන්කුක් නැති ජීවිතයක් ටේහ්‍යුන්ට එපා. ජන්කුක් නැති ටේහ්‍යුන් කෙනෙක් නැහැ..."
තමාටම උමතුවෙන් මෙන් මුමුණා ගත්ත ටේහ්‍යුන් තමන්ගෙ සුරතෙ නිලය අසලින් බ්ලේඩ් තලය කිහිප වතාවක් යවද්දී ටේහ්‍යුන් ගෙ දෑස් නිලංකාර උනා. පණ නැති ශරීරය ඉදිරියට විසික් වෙද්දී ටේහ්‍යුන් ඒ අසලම තිබුණු ජල කරාම විවෘත කරපු ටේහ්‍යුන් නාන බේසම තුල දිගා උනෙ ඔහුගේ හිස පුපුරමින් දැනුන වේදනාව මදක් හෝ අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන්.
"මගෙ ජන්කුකී... ජන්කුක් නැතිව මේ ලෝකෙ ජීවත් වෙන්න ම...ට බෑ ජන්කුක්... ජන්කුකී...ගෙ රතු මේ....පල් ගසට සමාව දෙන්න මගෙ ජන්...කුකී..."
____
"ටේහ්‍යුන් දොර අරින්න"
නිවසේ සීනුව නාද කරමින් ජන්කුක් ටේහ්‍යුන් ගෙ හා ඔහුගෙ නිවසට තට්ටු කරමින් උන්නා. ඔහුට මද දුරක් ගිය පසු ටේහ්‍යුන්ට පැවසිය යුතු අත්‍යවශ්‍ය ම කරුණක් මග හැරී තිබුන වග ස්මරණ වීමත් සමග ඔහු තමාට හැකි තරම් වේගයෙන් යලිත් වතාවක් සිය නිවස බලා පැමිණ සිටියා.
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasyආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...