වාහනයේ රියදුරු අසුනට පසෙකින් වූ ඉදිරි අසුනෙහි වාඩි වී උන්නු ටේහ්‍යුන් දෙස හොරහින් බලන අතරතුර ජන්කුක් වාහනය ඉදිරියට පදවාගෙන ගියේ ටේහ්‍යුන් ඔහු සමග පැමිණීමට එක් වරම එකඟ වීම පිලිබඳව පුදුමයක් දැනෙද්දී.
"ටේහ්‍යුන් දැන් නතර වෙලා ඉන්න තැනට ටේහ්‍යුන් කැමති නැද්ද?"
ඉදිරිය බලාගෙන වාහනය පදවන ගමන්, ජන්කුක් නිශ්ශබ්දතාවය බිඳිමින් කතාවකට මුල පුරමින් ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් හිමිහිට දෙපසට හිස සෙලෙව්වෙ අසරණ කමකින්.
"එහෙමද? ටේහ්‍යුන් දැන් නතර වෙලා ඉන්නෙ කොහෙ කියලා ද කීවේ... ?"
ජන්කුක් ටේහ්‍යුන් දිහා ක්ෂණික බැල්මක් හෙලමින් අහනකොට ටේහ්‍යුන් හිමිහිට ජන්කුක් දිහා හිස ඔසවලා බැලුවා.
"හොන්ස්ටන් ගොඩනැගිල්ලෙ"
ටේහ්‍යුන් හිමිහිට මුමුණන කොට ජන්කුක් පාර මැදම තිරිංග තද නොකොට වාහනය ඉදිරියට පදවාගෙන ගියේ බෙහොම අමාරුවකින්.
"මොකක් ද? එතන කාමර කුලියට දෙන තැනක්ද?"
ජන්කුක් ටේහ්‍යුන් ගෙන් පුදුමයෙන් ඇහුවේ හොන්ස්ටන් ගොඩනැගිල්ල ඇතෑන්ස්හි තිබෙන සුප්‍රසිද්ධම ගණිකා නිවාසය යන්න ජන්කුක් හොඳින්ම දැනගෙන උන්නු නිසා.
"නැහැ. එතන කාමර කුලියට දෙන්නෑ"
ටේහ්‍යුන් තමන්ගෙ වියලී ගිය දෙතොල් දිවෙන් තෙත් කරන අතරතුර හිමිහිට මුමුණන කොට කිසිවක් නොකී ජන්කුක් ටේහ්‍යුන් දෙස වාහනය පදවන අතර තුර බැලුවා.
"විසි දෙවෙනි හරස් වීදීයෙ තියන ගණිකා මඩමේ ටේහ්‍යුන් නතර වෙලා ඉන්නවා කියලා නෙවේ නේද ඔය කියන්නෙ?"
ජන්කුක් ටේහ්‍යුන් දෙස බලන ගමන් මුමුණන කොට ටේහ්‍යුන් ගෙ ඇස් නොදැනීම කඳුළින් පිරිලා ගියේ ඔහුට දැනුන වචනයෙන් විස්තර කර ගන්න බැරි තරමේ අසරණ කමට.
"
කරුණාකරලා ජන්කුක්. මාව එතනට ගෙනියන්න. මගෙ මුදල් අරගෙන මම ජන්කුක් එක්ක යන්න එනවා.. "
ටේහ්‍යුන් හිමිහිට මුමුණන කොට ජන්කුක් කිසිවක් නොකියා ටේහ්‍යුන්ට පිලිතුරු නොදී විනාඩි කිහිපයක් තිස්සෙ ඉදිරියට ධාවනය කලේ , අවසානයෙ හොන්සටන් ගොඩනැගිල්ල පිහිටි හරස් වීදියට වාහනය හරවද්දී
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasyආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...