දහවන කොටස

777 262 103
                                    

තමන්ගෙ අතේ තිබුන මුදල් ප්‍රමාණයට සෑහෙන්න ආහාර බන්දේසියක් මිලදී ගත්ත ටේහ්‍යුන් කටට දෙකට තමන්ගෙ කොටස ඉවර කරලා දැම්මේ හරියට උදේට කාලත් නොතිබුන නිසා දැනුන බඩගින්නට.

"ඔහ්... ඉවරයිනෙ.."

හිතන්නත් කලින් අවසන් උන ආහාර බන්දේසිය දිහා බලාගෙන වේගයෙන් ඇහිපිය ගැහුව ටේහ්‍යුන් සුසුමක් හෙලලා එතනින් නැගිටින්න තැනුවත් ඔහු නැවතුනේ ඔහු ඉදිරියට ඇවිදගෙන ආව , අතරමගදී ඔහුට මුණ ගැසුන ආගන්තුකයා ඔහුගෙ පාර හරස් කරපු නිසා.

"ඉක්මනින් යනවාද?"

ඔහු තමන්ගෙ සාක්කුවට අත දාලා ගත්ත සුරුට්ටුව දෙතොල් අතර තියාගෙන ටේහ්‍යුන් දිහා බලන කොට ටේහ්‍යුන් ඔහු දිහා බලලා හිස සැලුවා.

"යන්න කලින් ගින්දර ටිකක් ගන්න නැති වෙයිද?"

සුරුට්ටුව ආයෙමත් අතට අරගෙන එය පෙන්වන ගමන් ටේහ්‍යුන් ගෙන් ඔහු විමසවා.

"සමාවෙන්න.. මගේ ගාව නෑ"

"ඔහ්. කණගාටුවට කරුණක් ගින්දර ටිකක් වත් නැති එක. ඒක නෙවෙයි ඔබ ඉන්නෙ මම ඉන්න මහලෙමද?"

ඔහු වටපිට බලන ගමන් සාක්කුවට අත දාන් අහනකොට ටේහ්‍යුන් යන්තම් හිනා වෙලා ඔහු දෙස බලා ගෙන පිලිතුරු දුන්නා.

"මම හිතනවා එහෙම වෙන්න ඕනෙ කියලා. හාරසිය පස් වෙනි කාමරයේ. පඩිපෙල ලග ඉඳන් වම් පැත්තෙ තුන් වෙනි කාමරය"

"ඔහ්.. මම හාරසිය දහය. හාරසිය පහ කියන්නෙ ...... ඔයා ජන්කුක් එක්කද ඉන්නෙ"

පුදුමයෙන් දෙනෙත් මහත් කරගන්න ගමන් ප්‍රශ්නාර්ථ ලෙස ඔහු අහනකොට ටේහ්‍යුන් හිනා වෙලා ඔහු දිහා බලලා හිස සැලුවේ ඔහු දිග් කල සුරත අල්ලා ගන්නා ගමන්.

"ඔහ්.. ජන්කුක් ගෙ යාලුවෙක්. අපි අඳුරනවා. අඳුරා ගන්නකො මම ජිමින් පාර්ක්.. එතකොට ඔයා.....?"

"ටේහ්‍යුන් කිම්. හඳුනා ගැනීම සතුටක් මිස්ටර් පාක්"

ටේහ්‍යුන් ඔහු සමග අතිනත ගන්නා ගමන් හිනා වෙන ගමන් කියනකොට ජිමින් ටේහ්‍යුන් දිහා හිනා වෙලා බලාගෙන හිටියා.

"ඔහ්... ජිමින්.. "

ඔහු කියනකොට ටේහ්‍යුන් ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථව.

Dear Athens | TK ✓Where stories live. Discover now