විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ජන්කුක් හිමිහිට ආහාර ගන්න ටේහ්‍යුන් දිහා සිනහ මුසුව බලාගෙන හිටියා. බිමට සංසුන් බරවුන දෑසුත් , ගෑරුප්පුව සහ පිහිය ඔහු භාවිතා කල හුරුවත් ඔහු තමාගෙ ආදායම් මට්ටමින් ළගා විය නොහැකි තරමේ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයෙකු වග ඔහුගෙන් කියා පාන බව ජන්කුක් ට හිමිහිට තේරුම් ගත්තා.
අවසාන ආහාර කොටසත් මුවට දමා ගත්ත ටේහ්‍යුන් තමා දිහා සිනා මුසුව බලා සිටින ජන්කුක් දිහා හිමිහිට හිස ඔසවලා බලන කොට ජන්කුක් ඔහු සමග හිනා උනේ හෘදයාංගම.
"ජන්කුක්.. කෑම අරගෙන ඉවරද?"
ටේහ්‍යුන් ලැජ්ජාශීලිව අහනකොට ඔහු දිහා බලලා සිනා උන ජන්කුක් පසෙක තිබුණු වයින් වීදුරට වක් කරපු රතු වයින් උගුරක් ගත්තෙ ටේහ්‍යුන් දිහා බලලා හිනා වෙන ගමන්.
"ටේහ්‍යුන් බොනවාද? මේවා ඉස්තරම්ම වර්ගයේ රතු වයින්. මම හොඳම වර්ගයෙන් ගෙනාවෙ"
ජන්කුක් සිනාමුසුව ගණනක් නැතිව දොඩවන පුරසාරම් අහන ගමන් ටේහ්‍යුන් රතු වයින් වීදුරුවක් ගන්න ඉදිරියට නැමුනා.
"ටේහ්‍යුන් අද සතුටු උනාද?"
"ඔව් ජන්කුක්.. අද දවස මගෙ ජීවිතයෙ සතුටුම දවසක්"
තමන්ගෙ අතේ හිරවුන වයින් වීදුරුව හිමිහිට කලතන ගමන් පුටු ඇන්දට නැඹුරු උන ජන්කුක් ටේහ්‍යුන් ගෙන් අහනකොට ටේහ්‍යුන් සිනහමුසුව ජන්කුක් ට උත්තර දුන්නා.
"සතුටුයි මට. ඒක නෙවෙයි . අද වෙනදට වැඩියෙ සීතලයි.. එහෙම නේද ටේහ්‍යුන්. පිටත වර්ෂාවක් ඇද වැටෙනවා"
ජන්කුක් පිටත වැටෙන වර්ෂාවෙ හඬ අහන ගමන් කවුලුවලින් ඇතුලට හමා එන සීතල සුලගට වෙව්ලන ටේහ්‍යුන් දිහා බලලා ඇසුවෙ වයින් වීදුරුව හිස් කරන ගමන්.
''ටිකක්.. ඒත් මම වර්ෂාවට ගොඩක් කැමතියි. ජන්කුක් දක්නවාද ඇයි දන්නවාද?"
ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා මුමුණන කොට ජන්කුක් හිස දෙපැත්තට වැනුවෙ හිනා වෙන ගමන්.
"ඒ මොකද ටේහ්‍යන්.?"
"සූර්යයා ගෙ සුදු පාට හිරු කිරණ වලට සුදු පාට කියන සම්මතයට හිර නොවී ඔවුන්ට අයත් පාර හොයා ගන්න මග පෙන්වන්නෙ වර්ෂාව නිසා"
YOU ARE READING
Dear Athens | TK ✓
Fantasyආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ ජන්කුක් ජියොන් , ටේහ්‍යුන් කිම් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අව...