දහතුන් වෙනි කොටස

819 261 158
                                    

ජන්කුක් කාමරයෙන් පිටතට ඇවිද යාමෙන් අනතුරුව ටේහ්‍යුන් ඇඳ මත එහෙමම ඉඳගෙන පුදුමයෙන් ඔහු ගිය මග බලාගෙන හිටියා.

"ජන්කුක් ට බොහොම ඉක්මනට කේන්ති යනවා."

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් සුසුමක් හෙලලා ඇඳ මතින් නැගිටලා වට පිට බැලුවේ කරන්න කියලා දෙයක් නැතිව.


"ගෙදරින් පිටතට යන්නෙ නැති එක හොඳයි. නැති නම් මම කොහොමද රෑට ඇඳපු ඇදුම් දවල්ටත් ඇඳගෙන යන්නෙ"

තමන් ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් හිනාවෙන ගමන් කාමරයේ ජනෙල් විවර කරලා කාමරය පුරා පුරවලා තියන ජන්කුක් ගේ බඩු බාහිරාදිය ට ඇස් හිමිහිට යැව්වා.

හිමිහිට කාමරය පුරා ඇස් යවපු ටේහ්‍යුන් ගේ ඇස් අවසානයේ නතර උනේ ජන්කුක් ගේ සුවඳ විලවුන් බෝතල් අතර තියන රතු පැහැ තොල් ආලේපන බෝතලයකට.


"මේකක්.. මෙතන.. ජන්කුක් ට මොකටද තොල් ආලේපන?"

"ඔව්... ජන්කුක් විවාහ ගිවස ගත්ත තරුණියගේ වෙන්න පුලුවන්. කීප වරක්ම මෙහෙ ඇවිත් ඇතිනෙ"

තමන්ටම මුමුණා ගත්ත ඔහු හේතුවක් නැතිව හිතට දැනෙන දුකත් එක්ක ඒ වෙත තමන්ගෙ ඇගිලි තුඩු යොමු කලත් තමන්ට හැකි පමණින් තමන්ව පාලනය කර ගත් ඔහු පපුව මතට අත තද කරගෙන තමන් එක්ක ම හිනා උනා.


"ටේහ්‍යුන් කියන්නෙ පිරිමියෙක් . අමතක කරන්න එපා. ගැහැණියක් වගේ හැසිරෙන එක නතර කරනවා ටේහ්‍යුන්. ඒක පාපයක්. පාපයක් ටේහ්‍යුන්"

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් බර හුස්මක් හෙලලා මුවට සිනහවක් නගා ගත්තෙ අපහසුවෙන්.

ඒ එක්කම වැහුණු  දොර විවර වෙනවා ඇහුණු ටේහ්‍යුන් ගැස්සිලා යනකොට මොහොතකින් ඔහු දුටුවේ තමන් දිහා බලාගෙන හිටගෙන ඉන්න ජන්කුක්.

"ජ... ජන්කුක්..? ගිය පයින්ම ආපහු ආ..වද?"

පපුව මත තමන්ගේ දෑත් ගුලි කරගෙන ටේහ්‍යුන් ගොත ගහ ගහ අහනකොට කිසිවක් කියන්නෙ නැතිව ජන්කුක් ටේහ්‍යුන් ගෙ උඩ ඉඳන් පහලටම බැල්මක් හෙළුවා.


"මගේ කාමරයට එන්නත් දැන් මම තමුන්ගෙන්ද අවසර ගන්න ඕනෙ ටේහ්‍යුන්?"

Dear Athens | TK ✓Where stories live. Discover now