අටවන කොටස

758 261 110
                                    

"මේ කාමරය ඇතුලට ගිහින් කතා කරගන්න. ගොඩනැගිල්ලෙ අයිතිකාරයා ඉන්නෙ මෙතන. එහෙනම් සුභ පැතුම්"

රලු ලෙස ටේහ්‍යුන් ට මිමිණුව ජන්කුක් එතැනින් වෙනතකට ඇවිදගෙන ගියත් ටේහ්‍යුන් තැනම තනි කරලා , ටිකක් දුර යද්දී ජන්කුක් ඉබේටම ආයෙත් වරක් ටේහ්‍යුන් දෙස හැරී බැලුවේ ඔහු ඇතුලට පිවිසියාද කියලා සැක හැර ගන්න.

නමුත් තවමත් පපුවට මුදල් නෝට්ටු කිහිපය ගුලි කරගෙන බයෙන් වගෙ ඉදිරිය බලාගෙන ඉන්න ටේහ්‍යුන් දෙස යලිත් වරක් බලපු ජන්කුක් මොහොතක් බලාගෙන ඉඳලා ආයෙමත් ඔහු අසලට ඇවිදගෙන ගියේ ආඩම්බරයෙන් හිස ඉහලට ඔසවගෙන.


"ඇතුලට යනවා"

"ජන්කුක් ටත් මාත් එක්ක එන්න බැයිද?"

ටේහ්‍යුන් බියෙන් වචන ගලපන ගමන් ආයාචනාත්මක ව කීවේ ප්‍රතික්ෂේප වීම් වලට පුරුදු වෙලා උන්නු ඔහු ප්‍රතික්ෂේප වීම කියන වචනයට පවා හුගක් බය උන නිසා.


"මම නෙවෙයි මෙතන අයිතිකරු"

සුසුමක් හෙලන ගමන් ජන්කුක් සමච්චල් සහගත ලෙස මුමුණන කොට යන්තමින් බිමට නවා ගත්ත හිස ඔසවලා ටේහ්‍යුන් ජන්කුක් දිහා ආයාචනාත්මක බැල්මක් හෙලුවෙ අසරණව.


"හරි හරි. යමු ඇතුලට... ඉක්මන් කරන්න. ටේහ්‍යුන්ව හුරතල් කරන්න කාලයක් නැහැ මට"

ජන්කුක් කියනකොට ටේහ්‍යුන් මොහොතක් ඔහු දෙස බලාගෙන ඉඳලා හිමිහිට දොරට තට්ටු කරනකොට , ඇතුල් වීමට ළද අවසරය සමග ටේහ්‍යුන් ඇතුල් උනේ ජන්කුක් ඔහුගෙ පසුපසින් කාමරය තුළට එනකොට.



"ඔහ්.. ආයුබෝවන්"

"ආයුබෝවන් මහත්තයා. මම කාමරයක් බලන්න ආවේ"

ටේහ්‍යුන් ගොඩනැගිල්ලෙ අයිතිකරුට ආචාර කරන ගමන් මිමිණුවත් ගොඩනැගිල්ලෙ අයිතිකරු ටේහ්‍යුන් ගෙ පිටුපස ඉන්න ජන්කුක් දිහා බැලුවා.

"මිස්ටර් ජියොන් ගෙ යාලුවෙක් ද මේ?"

ඔහු අහනකොට දෙන්න පිලිතුරක් තිබුණෙ නැති තැන ජන්කුක් ඕනවට එපාවට හිස සැලුවේ සාක්කුවෙ අත පොවා ගෙන.

Dear Athens | TK ✓Where stories live. Discover now