අවසාන කොටස

1.1K 226 329
                                    

දස වසරකට පසු

"සරත් සෘතුව ආරම්භ වෙලා ජන්කුකී..... රතු මේපල් ගස වෙනුවෙන් ලෝකයේ තියන හැම ගසක්ම ආයෙත් රතු පැහැ ගැන්විලා ජන්කුකී...."

"රතු මේපල් ගසට සතුටුයි එයාගෙ ජන්කුකීත් ළග හිටියා නම්"

මේෂ්ඩන් කඳු පන්තියෙ එකිනෙකා හා කතා බහ කරන අහස සිප ගන්න කඳු පන්තිය දෙස ග්‍රීසියෙ විවෘත සමරිසි වයලීන් වාදකයා වූ ටේහ්‍යුන් කිම් බලාගෙන හිටියා. ජෙල් ගා දෙපසට බෙදූ හිස කෙස් , තද වූ යන්තමින් තොල් ආලේපන තැවරූ දෙතොල් , සිනහ පොදක් නැති මුහුණ . ඔහු තවදුරටත් ජන්කුක් ගේ රතු මේපල් ගහ උනෙ නැහැ.

එතැන සිටගෙන සිටියෙ සමාජය විසින් වෙනස් කල ටේහ්‍යුන් කිම්.

ඈත කඳු පන්තිය දෙස බලා සිටි ටේහ්‍යුන් මොහොතකින්  කිසිවක් නොකියා හිමිහිට කඳු පන්තිය බැස යන්නට උනා.



"ටේහ්‍යුන් සර්. තව පැය තුනකින් අපිට ප්‍රසංගයක් තියනවා"

ටේහ්‍යුන්ට ආචාර කරමින් ඔහුගෙ කාර්යමණ්ඩලයෙ ප්‍රධාන සේවකයා භය පක්ෂපාතීව මිමිණුවේ ටේහ්‍යුන්ගෙ එක් බැල්මක් පවා ඔහුව බියෙන් වෙව්ලවන්න සමත් උනා.

ඔහු දෙස බලා යන්තමින් හිස සැලූ ටේහ්‍යුන් පසෙක වූ ඔහුගෙ Chrysler 300C සුපෝගභෝගි මෝටර් රථයේ පසු පස අසුනේ අසුන් ගනිද්දී ඔහු දෙස මොහොතක් බලාගෙන සිටි ඔහුගෙ මැනේජර් වරයාද නැග්ගා.

"ඉක්මනින් යමු."

ටේහ්‍යුන් ඔහුගෙ අත් දිග සුදු පැහැති කමිසයෙ අතක් මදක් උඩට ඇද ඔරලෝසුවේ සටහන් වූ වෙලාව කියවා හිස ආසනයට බර කරමින් මුමුණද්දී කිසිවක් නොකී රියදුරු මෝටර් රථය පණ ගැන්වූවා. ටේහ්‍යුන් ගෙ මෝටර් රථයට පසු පසින් ටේහ්‍යුන් ගෙ ආරක්ෂකයන් රැගත් මෝටර් රථය පැමිණියා.

___

"ඇයි... මෙච්චර තද බදයක්"

වාහන පෝලිමට නතර කරලා තියනවා දැක්ක ටේහ්‍යුන් නොරුස්සනා කටහඬින් මුමුණද්දී රියදුරු ඔහු දෙස භය පක්ෂපාතීව බැලුවා.

"පේන විදියට රිය අනතුරක් ටේහ්‍යුන් සර්. අපි කෙටි මාර්ගයකින් යන්න උත්සාහ කරමු"

Dear Athens | TK ✓Where stories live. Discover now