විසි හය වන කොටස

653 199 139
                                    

A/N කමෙන්ට් දාන් යන්න. හහ් 🥺👀❤️





"ටේහ්‍යුන් අද රාත්‍රිය අපූරු රාත්‍රියක්.. එහෙම නේද?"

ටේහ්‍යුන්ව තමන්ට තුරුලු කර ගන්න අතරතුර ඔහුගෙ බඳ වටා දෑත් පටලපු ජන්කුක් මිමිණුවේ තරිප්පු පෙල නැගගෙන ඔවුන්ගෙ කාමරය වෙත ඇවිද එන ගමන්.

පුහුණුවීම් කාලයෙන් පසු නැවත නවාතැන වෙත විත් වහාම පිරිසිදු ඇඳුමෙන් සැරසුණු ජන්කුක් සහ ටේහ්‍යුන් යලි චිත්‍රපට ශාලාව වෙත ගියේ ඒ වන විට තිරගත වෙමින් තිබුණු Jason and the Argonauts යන ග්‍රීක පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය උන චිත්‍රපට රසිකයන් අතර ජනප්‍රිය උන චිත්‍රපටය රස විඳීමට.




"ඔව් ජන්කුක්.. ඒක අපූරු චිත්‍රපටියක්.. ගොඩක් ස්තූතියි ජන්කුක් මං වෙනුවෙන් කරන දේවල් වලට"

ටේහ්‍යුන් තමන්ගෙ කර වටා වැටුනු ජන්කුක්ගේ අතින් අල්ලා ගන්න ගමන් මුමුණනකොට කිසිවක් නොකී ජන්කුක් සිනා උනෙ ටේහ්‍යුන් දෙතොල් යන්තමින් පිරිමැද.

නිශ්ශබ්දව ඔවුන්ගෙ නවාතැන පිහිටා තිබි මහල වෙත ප්‍රවේශ උන ඔවුන් එකිනෙකා දෙස බලා සිනා නැගුවා



"ටේහ්‍යුන් ඇඬුවා.. එහෙම නේද?"

ජන්කුක් ටේහ්‍යුන් ගේ වේලී ගිය කඳුලු පාරවල් මත හිමිහිට සිය ඇඟිලි තුඩු යවන අතරතුර ඔහු චිත්‍රපටය නරඹමින් තමන්ට තුරුලු වී තමන්ගෙ කමිසය ඔහුගෙ කඳුලින් තෙත් කල අයුරු සිහි ගන්වමින් ජන්කුක්  මුමුණනකොට ටේහ්‍යුන් හිමිහිට බිමට හිස නවා ගත්තෙ ඔහුට ලැජ්ජාවක් දැනුන නිසා.



"අවසානේ අඬන්නේ නැතිව දරාගන්න බැහැ මට ජන්කුක්.. ගොඩක් නරක අවසනයක්"

" ඒත් ටේහ්‍යුන් ,  ඒක චිත්‍රපටය සඳහා ගැලපෙනම අවසානය. මම කැමතියි ශෝකාන්ත වලට. මට අනුව තාත්විකම අවසානය ශෝකාන්තය"

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා මුමුණනකොට කිසිවක් නොකී ටේහ්‍යුන් ටේහ්‍යුන්ගෙ ඇසි පිය හෙලනකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ නලල මත කෙටි හාදුවක් තවරනකොට ටේහ්‍යුන් ඔහු සමග සිනා උනා.




"ජන්කුක් ඇයි එහෙම කියන්නෙ.."

"සමාජයේ ලියවුනු බොහෝ කතා  සුඛාන්තයකින් අවසන් වෙනවා දුර්ලභයි. එහෙම නේද ටේහ්‍යුන්.."

Dear Athens | TK ✓Where stories live. Discover now