drizzle 3

5.8K 728 53
                                    


ඔක්කොමත් හොඳයි මෙහේ සීතල තමා දරාගන්න බැරි. හැමතිස්සේම තියන පොද වැස්ස , තෙත ගතිය, සීතල සුවඳ ....මේ හැමදේම මට අලුත් දේවල්. කැන්ටින් දෙකක් තියනවා. එකක් බෙහෙත් ගන්න එන අයට, අනික් එක ස්ටාෆ් එකට. මායි චිරාත් අයියයි කැන්ටින් එකට ගිහින් ඉඳගත්තා. එයා එක්කම මාත් කෝපි එකක් ඉල්ලුවේ මෙහේ කොච්චර කෝපි බිව්වත් ඇති  නොවෙන නිසා වගේම කෝපි එක්ක මගේ තියන දැඩි බැඳීම නිසා. ලෝකේ තියන කෝපි වර්ග වලින් අඩුම තරමේ මං බාගයක්වත් ටේස්ට් කරලා තියනවා. ඒ තරම්ම මං කෝපි වලට ආදරෙයි. 

පලවෙනි වතාවට මේ මාධ්‍යට කියන්නේ මගේ පලමු ප්‍රේමය තමයි කෝපි !!!!!! 

චිරාත් අයියා එනකන් මං සාක්කු දෙකට අත් දෙක දාගෙන වටපිට බල බල හිටියා. සීතල විඳින ගමන් මං කල්පනා කරේ මේ පැත්තේ ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිතේ කොච්චර අමාරු ඇතිද කියලා. ඒ එක්කම මට හිතුනා එයාලට ඒක පුරුදු නිසා අමාරුවක් දැනෙන්නේ නැතුව ඇතී කියලා. 

"ආ මෙන්න. නිවෙන්න කලින් බීපන්" චිරාත් අයියා මගේ ඉස්සරහින් කෝප්පේ තියන ගමන් කිව්වා. 

"අද උඹ නයිට්ද?" තේක හෙමීට තොල ගාන ගමන් අයියා මගෙන් ඇහුවා. 

"ඕ. අයියත් නයිට්ද?" 

"හ්ම්ම්." චිරාත් අයියා කම්මැලිකමේ උත්තර දුන්නා. "අද ඉඳන් පෝස්ට්පෝන් කරපු සර්ජරීස් වල කට්ටිය  එනවා. ජෙරම් අයියා කිව්වද?" 

"ඔව් අයියේ. ගොඩක් ඉන්නවද?" 

"ඔව් මං හිතන්නේ 30ක් 35ක් විතර ඉන්නවා." 

"දවසකට 5ක් කරත් දවස් 6ක්වත් යනවනේ අයියේ...." 

"ඔව් ඉතින්. සර්ජන් කෙනෙක් නැතුව අපිට මයිනර් සර්ජරීස් ඇරෙන්න ඒවට අතගහන්න බෑනේ මල්ලි. මාස තුනක් විතර තිස්සේ එකතු වෙච්ච ඒවා තමා. සමහර විට ඔය අතර ඉන්න අය මැරිලත් ඇති දැන්." චිරාත් අයියා හුස්මක් හෙලන ගමන් හිස් නෙස්කැෆේ කෝප්පේ අතින් පොඩි කරා. 

"මෙච්චර ලොකු දිස්ත්‍රික්කෙකට මාස 3 තිස්සේ ජෙනරල් සර්ජන් කෙනෙක් ඉඳලා නෑ කියලා අහනකොට මට මේ රටේ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන පුදුම සතුටක් දැනෙන්නේ අයියේ." මං කලකිරීමෙන් කිව්වා. 

DrizzleWhere stories live. Discover now