"යොශේන්...තමුසෙට ඉස්කෝලේ වැඩ කරගෙන එන්න බැරි ඇයි කියනවා. ගෙවල් වල ගියාම ඇති මෙතන රස්තියාදු ගගහා. බලනවකෝ තමුසෙගෙ අයියා කොච්චර හොඳට වැඩ කරනවද කියලා. තමුසේ කාලකණ්නියෙක් වෙලා අයියටත් ලැජ්ජ කරනවනේ අයිසේ." පන්තිභාර සර්ගේ දේශනාව අහගෙන මං බිම බලාගෙන හිටියා. මං ඇත්ත කිව්වොත් මේ දේවල් වෙනස් වෙයිද? මාව විශ්වාස කරයිද කවුරුම හරි.
"තමුසෙලා අපේ කාලෙත් කනවා අයිසේ. කාලකණ්ණි. අල්ලනවා අත..." මගේ අත හරහට වේවැල් පාරවල් දෙකක් සටහන් වෙද්දී සර් කලුලෑල්ල ගාවට ගියා. මං ඉඳගත්තා. ඇඟිලි ටික නවලා දිගෑරලා මං වේදනාව අඩු කරගන්න උත්සාහ කරා. 8 වසරේ ලමයෙක්ට මේ දේවල් දරාගන්න පුලුවන්ද කියලා මටම පුදුම හිතෙනවා වෙලාවකට. මං කලුලෑල්ල දිහා බලාගෙනම හිතෙන් ඊයේ දවසට ගියා.
මගේ අම්මා කියන කෙනාට ආයේ ළමයෙක් හම්බුවෙන්න ඉන්නවලු. සෝමරත්න මාමා අයියට කියනවා මට ඇහුනා. මට අමතක වෙලා තිබුන ඒ දෙන්නව ආයේ මතක් වුන නිසා මට ලොකු ආසාවක් ඇතිවුනා එයාලට කතා කරන්න. තවමත්....මගේ හිතේ එක පුංචි කොනක් එයාලා එනකන් බලාගෙන ඉන්නවා. මං බඩු වගයක් ගේන්න ටවුමට ගිය වෙලාවේ අතේ තිබුන රුපියල් දහයේ කාසිය දාලා සෝමරත්න මාමගේ කාමරේ තිබිලා හොයාගත්ත වික්‍රමසිංහ වලව්ව කියලා තිබ්බ කොල කෑල්ලේන් මතක තියාගත්ත අංකේ කටපාඩමෙන් ඇතුල් කරා. අඬලා හරි මාව එක්කගෙන යන්න කියලා කියන්නයි මට ඕනේ වුනේ. තරහා නෑ කියලා මාව ගෙනියන්න එන්න කිව්වොත් එයි කියලා මං ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා.
ට්‍රීං...ට්‍රීං...ට්‍රීං.... එහා පැත්තෙන් නාද වෙන සද්දේ ඇහෙනකොට මට උඩපනින්න හිතුනා.
"හෙලෝ....වික්‍රමසිංහ කතා කරනවා.කවුද මේ?" ඒ තාත්තගේ කටහඬ. මට එකපාරටම කියාගන්න දෙයක් හිතාගන්න බැරිවුනා. "හෙලෝ...කවුද මේ?"
"ත්..ත්..තා..ත්තේ...."
"කවුද කතා කරන්නේ?" එහා පැත්තේ කටහඬ එක පාරටම කලබල වුනා.
"තාත්තේ...මං...කතා කරන්නේ...යොශේන්..." මං දාඩිය දාලා වෙව්ලන ඇඟිලිවලින් රීසීවරේ තද කරලා අල්ලගත්තා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...