ලොකූ පොරොන්දු වුනා මේ ගැන මං කියනකං කාටවත් කියන්නේ නෑ කියලා. අද මාව ගෙනල්ලා බැස්සුවෙත් එයාමයි. ලබන මාසේ එයාගේ වෙඩින් එකට සතියකට කලින් එන්න එයා මාව පොරොන්දු කරවගත්තා. කම්පැනියේ දාහක් වැඩ තියාගෙන මූ මාව දාන්න ආවේ මගේ ඒකපාර්ස්වික ප්රේමයේ ඕපදූප ටික හොයාගන්නයි කියලා මට මීටර් වුනේ එයා මාව හොඳ ගානට ටියුන් කරලා තියලා මාත් ඔහේ යශ් අයියා ගැන හැමදේම එයාට කිව්වට පස්සේ. මේකා කාර් එක දෙදරන්න හිනාවෙවී කිව්වේ එයාට යශ්ට කතා කරන්න ඕනේ කියලා. යන්නෝනේ යන්නෝනේ කියලා හදිස්සි කරපු නිසා බැක්පැක් එක කරේ දාගෙන මං එයාගේ කන හපලා දිව්වා.
..................................................................
මං සුපුරුදු ගහ යට පොතක් අතේ තියාගෙන ඉන්නකොට කවුරුහරි මගේ එහාපැත්තෙන් වාඩි වුනා. මං ගැස්සිලා බලනකොට යශ් අයියා මගේ එහාපැත්තේ ඉඳන් අහස දිහා බලාගෙන ඉන්නවා. මං පොත වහලා නැගිටින්නේ නැතුවම එයාගේ මූන ඉස්සරහට ආවා.
"කෝල් කරේ නෑනේ එනවා කියලා." මං ඇහුවේ වෙනදට කෝල් කරන නිසා.
"බලහන් ෆෝන් එක අරන්." එයා අහස දීහා බලාගෙන ඉඳපු ඇස් මගේ පැත්තට හරවන ගමන් කිව්වා. මං ෆෝන් එක අරන් බැලුවා.
මයි ගුඩ්නස්....කෝල්ස් 7ක්. ෆෝන් එක සයිලන්ට් දාපු වෙලාවක මට ආයේ ඒක හදන්න අමතක වෙලා. මං ෆෝන් එකේ සෙයිලන්ට් මෝඩ් ඕෆ් කරලා යොශේන් අයියට අහිංසක හිනාවක් දුන්නා.
"මොකද්ද කතා කරන්නෝනේ කිව්වේ?" මං ඇහුවේ මට ඉවසිල්ලක් නැති තැන.
"වහින්න වගේ...." එයා ආයෙම අහස දිහා බලන් කිව්වා.
"වැස්ස නුවරඑලියට පුදුමයක් නෙමෙයි."
"දෙයක් කියන්නම්.....මං එක්ක තරහා වෙන්නෙපා." මගේ පපුවේ ගැස්ම ටික ටික වැඩි වෙන්න ගත්තා.
"කියන්න අයියේ...."
"මං කෙනෙක්ට ආදරෙයි....මට ඒක කියාගන්න තේරෙන්නෑ. මට උදව් කරනවද මල්ලි?" යොශේන් අයියගෙ කටින් ඒ වචන පිටවෙනවත් එක්කම මට දැනුනේ මගේ ඔලුව ඇතුලේ අකුණක් පිපිරුවා වගේ. එතකොට....එහෙනම්....ඒ මං නෙමෙයිද? මගේ කන් දෙක ඇතුලෙන් කීං ගාන සද්දයක් ඇහෙනකොට මං එක අතකින් එයාට හොරෙන් පපුව මිරිකල අල්ලගත්තා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...