5 දෙනා එක්කම හොඳට පිස්සු නටලා සාකේත අයියයි යොශේන් අයියයි කෑම්ප් එකට ගියාම අපි ක්වාටස් වලට ආවා. මං වොශ් එකක් දාගෙන ආයෙම එලියට ඇවිත් පුරුදු ගහ යට වාඩි වුනාම මට අද දවසම චිත්‍රපටියක් වගේ මැවිලා පේන්න ගත්තා.
"බිනූ...."
"ම්ම්ම්....."
"සාකේත ඇරෙන්න වෙන කිසි කෙනෙක් නොඉඳපු මගේ ජීවිතේට.....මගේම වෙලා ආවට උඹට පිං." යොශේන් අයියා දරාගන්න බැරි තරන් ආදරේකින් මගේ අත් දෙකෙන්ම අල්ලගෙන කියනකොට මාව ගොලු වෙලා ගියා. යොශේන් අයියා මාව ඇදලා ඒ පපුවට හිරකරගත්තේ එයාගේ සංවේදී මූන මට පේනවට කියලා එයා පස්සේ කාලෙක මට කිව්වා. ඒ තරමට එයාගේ පෞර්ශය දැඩි එකක්.
"අයියේහ්..."
"පිං උඹට....මේ අත අල්ලගත්තේ අතාරින්න හිතාගෙන නෙමෙයි. ප්ලීස්...මාව මග අතෑරලා යන්නෙපා." එයා එහෙම කියනකොට මට දැනුනා මගේ මූණට වතුර බිංදු වැටෙනවා. මමත් අනිත්පැත්තට එයාව තද කරලා බදාගත්තා.
"යන්නෑ.....ඇත්තමයි. මේ අවුරුදු 29ටම මගේ හිත හෙල්ලුවේ ඔය රත්තරන් ඇස් විතරමයි." මං එහෙම කියනකොට ඒ තොල් දෙක මගේ හිස්මුදුනට තද වෙනවා දැනුනා. අසීමාන්තික සැනසීමක් එක්ක මට ලොකූ වාසනාවන්ත ගතියක් දැනුනා.
................................................................
"මාර සැනසීමක් දැනෙනවා නේ උඹට?" ඩියෝන් තුවායෙන් ඔලුව පිහිදන ගමන් මං ගාව ඇඳ පාමුල ඉඳගත්තා.
"කියාගන්න තේරෙන්නෑ බං මට. පට්ට සම්පූර්ණයි වගේ දැනෙනවා"
"මං දන්නෝ....චිරාත් අයියා තමා මට මුලින්ම කන්ෆෙස් කරේ." මට එකපාරටම ඒ දෙන්නගේ කතාව අහන්න ආසාවක් ආවා.
"අඩෝ මට කියහන්කො ඒ කතාව" මං ඉක්මනට ඇඳේ මුනින් අතට දිගා වෙලා අත් දෙක උඩින් මූණ තියාගත්තා.
"අම්මෝ උඹත්...ඕපදූප හොයන්න ගියාම...." ඩියෝන් මට හිනාවුනා.
"මං චිරාත්ව දැක්කේ ආපු දවසට පහුවෙනිදා. ජෙරම් අයියා එක්ක කැන්ටීන් එකේ හිනාවෙවී කෑම කන කෙට්ටු උස කොල්ලා දැක්කම මාව ඉබේම ඒ පැත්තට ඇදිලා ගියා. ජෙරම් අයියා හොඳට මාව පිලිගත්තත් චිරාත් පඩේකටවත් මාව ගනන් ගත්තෙ නෑ. මං ඉඳලා හිටලා ජෙරම් අයියා බලන්න ඒ වෝර්ඩ් එකට යන්න ගත්ත ගමන මාත් නොදැනිම වැඩි වාර ගානකට කන්වර්ට් වුනා. දවසක් මං දොර ගාව හිටගෙන ඉන්නකොට එලියට යන්න ආපු චිරාත් අයියට කකුල් මාට්ටුවක් දැම්මා. මූ වැටිච්ච පාර කෙලින්ම ඉස්සරහ තිබුන ඇඳවල් වලට දාන වැටවල් වගේකුත් පෙරලගෙන බිම. ඇස්වල කඳුලු පුරවගෙන මට ඔරෝගෙන වචනයක්වත් කතා නොකර යන්න ගියා. මං එදා තමා දන්නේ එයා මගේ එහා රූම් එකේ කියලා. කොල්ලා දන්නෑ මං තමා මේ රූම් එකේ ඉන්නේ කියලා. පාන්දර තුනට විතර මට කෝල් එකක් එනවා ජෙරම් අයියගෙන්....චිරාත් මල්ලිට සනීප නෑ. කොන්දේ අමාරුවක්. චුට්ටක් බලන්න කියලා. මං දොරට තට්ටු කරනකොට දොර නිකම්ම ඇරුනා. කොන්ද අත් දෙකෙන්ම අල්ලගෙන කොල්ලා හොඳටෝම කෙඳිරි ගගා අඬනවා. මං උණුවතුර එකකින් තවලා වින්ටජිනෝ වගයක් ගාලා අතගෑවා. එලිවෙනකම්ම මං එයාගෙන් සමාව ගත්තා එක එක විදියට. කවදාවත් නැති විදියේ වරදකාරී හැඟීමක් දැනුනා මට. එදා තමා මං දැනගත්තේ එයා ඉන්නේ තනියම කියලා. අම්මයි තාත්තයි අයියගෙ බබා බලාගන්න රට ගිහිල්ලා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...