යශ් ආවාම මං එයාටත් වීඩියෝ එක පෙන්නුවා. පොඩී කිව්ව කතාවට එයා මට උඩ පැන පැන හිනාවුනා. අන්තිමට ඒ හිනාව නැවතුනේ මං එයාගේ අතේ මගේ දත්වල පාර හිටින්නම හැපුවට පස්සේ.
රෑට කෑමත් කාලා අපි දෙන්නම එලියට ආවා. අපි දෙන්නා මෙහේ ආපු පලවෙනි දවසේ වගේම පඩිය උඩින් යශ් වාඩි වුනාම මං චූටිකාලේ තාත්තගේ සරමේ ඉඳගන්නවා වගේ යශ්ගේ සරමේ බොක්ක ගැහුන තැන වාඩි වුනා.
"ඕයීහ්හ්.......මේක ඉරේවී යකෝ." මං නෑහුනා වගේ යශ්ගේ අතක් අරන් මගේ පපුව උඩින් දාගත්තා. පෝය ලඟ නිසා හඳ බාගෙකටත් වඩා පිරිලා. තරු නැති අහසේ හඳට තනියට තරු පොඩ්ඩක් විතරක් හඳ වටේට ඉන්නවා. නුවරඑලිය හරහා හමන සීතල හුලඟට හිරිගඩු පිපෙනනකොට මම යශ්ගෙ උණුහුමට තවත් තුරුල්වුනේ ආසාවෙන්.
"සීතලද....මගේ අස්සට රිංගන්නේ මොකෝ?" මගේ කනකට ලං වෙලා යශ් අහනකොට මං හිනාවෙවී එහාට වුනේ දැනෙන කිතිය මාව හැඟීම් අස්සේ අතරමං කරවන නිසා.
"ම්හු...."
"සීතලේ ඉඳලා අසනීප වෙයිද දන්නෑ...." හයියෝ...මූ නම් මේ ලෝකේ රහක් නෑ. මං අනිප්පැත්ත හැරිලා කෙලින්ම නලල මැද්දට අතින් ගැහුවා.
"ඌහ්....."
"ච්ප්... කටවහන් ඉඳපංකෝ. මෙච්චර ලස්සන සීනරි එකක් තියනවා. මූ අසනීපයක් ගැන කිය කියා මැරෙන්න යනවා. දෙන්න හීතෙනවා ඇත්තමයි...." මං ඔරවලා කිව්වේ ඇත්තටම චුට්ටක් කේන්ති ගිහින්.
"කේන්ති ගන්නෙපා සුදු මැණික.....ඔයා අසනීප වුනොත්....ඒකනේ කිව්වේ." මගේ බෙල්ල දිගට තොල් තියන ගමන් එයා කෙඳිරුවා. මං ඇස් පියාගෙනම ඒ හැඟීම් වින්දා.
කලුම කලු පාට අහසට තරු එකින් එක පායනකොට හීනි පොදයක් වැටෙන රෑක මේ වගේ තුරුලක ඉන්නවා කියන්නෙම මහ මායාකාරී හැඟීමක්. මං ඔහේ මතකෙට ආපු සිංදුවක් කියන්න පටන් ගත්තා.
"දෑත දරා....ඇවිදින් මා වෙනුවෙන්...ආදරයෙන්
හිඳිනා....අයුරූ.......
මිදෙමී....දැහැනින්.....හැඟුමන්...පාමුල...සිත්...වාරු බිඳේ...
ඔබ ලඟ මියුරූ....." යශ් මාව බදාගෙනම හෙමිහිට දෙපැත්තට පැද්දෙන්න ගත්තා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...